රාවණා බලය පිටුපස විමල් වීරවංශ?

Spread the love

Wimal ravana

විමල් වීරවංශ තම දේශපාලන ගමන අරඹන්නේ කවුරුත් දන්නා පරිදි වාමාංශික මූලයන් සහිත ජනතා විමුක්ති පෙරමුණෙනි. නමුත් ඔහු අන්ත ජාතිවාදය නඩත්තු කරමින් තම දේශපාලන ගෝස්තරය සොයා ගන්නා බව දැන් ප්‍රකට කරුණකි. එසේ ද වුවත් විමල් ප්‍රමුඛ අනුගාමිකයන් තමන් ජාතිවාදීන් බව ප්‍රසිද්ධියේ කිසිදු තැනක පිළිගන්නේ නැත.

එසේ වුවත් ඔවුන් එළිපිට නොවන රහසිගත ක්‍රම වලින් මෙරට ජාතිවාදය නඩත්තු කරන බව අපට ලැබුණ තොරතුරකින් සනාථ වෙයි.

විමල් වීරවංශ අමාත්‍ය ධුරය දරන කාලයේ සිය පක්ෂය, ඥාතීන් සියල්ල නඩත්තු කළේ ඒ පිහිටෙනි. කිසිදු නීත්‍යානකූල පදනමකින් තොරව තම අමාත්‍යංශය යටතේ තිබූ වාහන සහ එම අමාත්‍යංශයෙන් එනම් ජනතා මුදලින් කුලී ගෙවා සුඛෝපභෝගී වාහන ලබාගෙන තම හෙංචයියන්ට ලබා දුන් බවට තොරතුරු අපට දැනගන්නට ලැබුණි.

මෙම ලැයිස්තුවට අනුව ඔහුගේ ඥාතීන්ට අමතරව රාවණා බලය සංවිධානයේ ලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි ද සිටියි. ඔහු වෙත ලබා දී ඇත්තේ KP 4802 අංකය දරන සුඛෝපභෝගී රථය යි. රාවණා බලය යනු මෙරට දැඩි සේ ජාතිවාදය ඇවිළවීමට කැස කැවූ සංවිධානයකි. කූරගල ප්‍රශ්නය ද මහා විනාශයක් බවට පත් කරන්නට උත්සාහ කළේ මොවුන් ය.

එළිපිට මොනවා කීව ද වීරවංශලා ජාතිවාදී බලවේග නඩත්තු කරන ආකාරය මේ අනුව සනාථ වෙයි.

RSL

Related Posts