යහපාලනයේ සුපිරි බිස්නස් මොළ ටික!

Spread the love

brain

මහින්දගෙ වැරදි තක්කඩි ආර්ථික කළමණාකරණය ගැන රනිල් දුන්න පොර ටෝක් නිසා අපි හිතුවෙ මෙයා ආවොත් බිස්නස් නග්ගල මිනිස්සුන්ට සල්ලි උපයන්න මාර අවස්ථා ලැබිල ක්‍රය ශක්තිය හේම වැඩිවෙලා නිකන් මොකක්ද වගේ වෙයි කියල. දැන් අවුරුදු 2 තටත් ලඟයි නොවැ. පහලින් දක්වන්නේ සුපිරි යැයි සිතූ බිස්නස් මයින්ඩ් එකක් ඇත්තටම වැඩ කරපු විදිහ පෙන්වන්න.

* තනි පුද්ගල සහ හවුල් ව්‍යාපාර සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් අදාළ පෝරමය අරගෙන ඊට පස්සෙ ග්‍රාම සේවක ලඟට ගිහින් නිර්දේශ කරගෙන ප්‍රාදේශීය සභාවට ගිහින් ( සමහර විට පී.එච්.අයි ලඟට ද යා යුතුයි ) සභා අනුමැතිය අරගෙන ආයෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් රු 2500.00 බැඳල නම රෙජිස්ටර් කරගන්න ඕනැ‍.
( හරිම සිම්පල් නේද ?? )
* මෙතනදි කුලියට ඉන්න එකෙක්ට මළාට බිස්නස් එකක් රෙජිස්ටර් කරන්න බෑ මොකද ඔප්පුව තිබිය යුතු නිසා සහ අයිතිකාරය ඒක නොදෙන නිසා.
* සමාගම් රෙජිස්ටාර් එකේ තමා ආතල් එක වැඩියෙන්ම දෙන්නෙ. ව්‍යාපාරක් රෙජිස්ටර් කරන්න 60000.00 ක් වගේම අවලංගුවටත් පට්ට ගාණක් .
* අනික ප්‍රාග්ධන බද්ද

උඩින් ඇති ඒවා ලිහිල් කරල ව්‍යවසායකත්වයට ඉඩ සලසන්න පිටරටින් ආයෝජකයො එනකල් විරෝගෙන ඉන්න අවශ්‍ය නෑ. ලෝක බැංකුව මූල්‍ය අරමුදල ණය දෙනකල් බකන් නිලා ඉන්න ඕනෙත් නෑ. බිස්නස් දියුණු කරන්න නම් මේ සරල කරුණු ලිහිල් කිරීම අනිවාර්ය බව පාරේ ඉන්න වඩේ විකුනන මල්ලි කෙනෙකුත් කියාවි. හැබැයි ආර්ථික විද්‍යාඥයන්ට නම් තේරෙන එකක් නෑ.

දැන් තවත් ආතල් කතාවක් කියන්නම්

*******************************************
ඇමති කරු ජයසූරියගෙ මල්ලි ඉන්නවනෙ එයා ඉන්නෙ මීරිගම.එයා මාර විදිහට බිස්නස් මයින්ඩඩ් කෙනෙක්. පාරෙ සරුවත් විකුණන, කූල් දොඩම් විකුණන, වඩේ විකුණන අයව එලවල දානව අනවසර සහ රජයට අයත් බිම් වල වෙළඳාම බෑ !! කියල. මේව කරනව මම ඇහින්ම දැක්ක. R D A / P R D A /ප්‍රාදේශීය සභාව / පොලිසිය උසාවිය ට අයත් කාර්යයන් කිරීමට මේ උන්නැහැට, මයෙ හිතේ කරු උන්නැහැ බලයක් දුන්න ද දන්නෑ එයා කතානායක නොවැ.

ආණ්ඩුව ප්‍රාග්ධන බද්දක් ගහනකොට ගම්වල චණ්ඩි සරුවත් කාරය එලෙව්වම මක් වෙනවද ? නැද්ද ?

කොහොමද ටිකිරි මොළ ටික !!!

Krishna Ramanayaka‎

(මෙහි එන සටහන මුහුණුපොතන් ඉපිටුමකි. එහි රචකයා හෝ රචකාව Read sri lanka සාමාජිකයෙක් නොවේ. එකී අදහස්වල වැදගත්කම සලකා අප එය උපුටාගන්නෙමු. අප වෙබ් අඩවියේ අදහස් ඔහු හෝ ඇය විසින් දරනුයේ නැත.)

RSL

Related Posts