තාජුඩීන් නඩුව ඊළඟ මැතිවරණය තෙක් ඇදෙයි ද?

Spread the love

thaajudeen

මෑත කාලෙයේ පුවත් වෙබ් අඩවි සහ විවිධ මාධ්‍ය විසින් වැඩිපුර ම වාර්තා කළ පුවතක් ඇත්නම් ඒ මෙරට සිටි දක්ෂත ම රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ ම්ලේච්ඡ ඝාතනය යි. පසුගිය කාලය වන විට ඒ සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් වූ මේජර් තිස්ස ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව, නම් ගම් සහිත ව මාධ්‍ය වාර්තා පළ විය.

එයින් පසු කාලයක් ගෙවී ගිය ද එම අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ නැත. ඊයේ දිනයේ අධිකරණය රහස් පොලිසියට නියෝග කර ඇත්තේ මෙම සිද්ධියට අදාළ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ය.

මෙම අත්අඩංගුවට ගැනීම් ප්‍රමාද වීම කෙරෙහි ලාංකේය දේශපාලනයේ අවලස්සන ගනුදෙනුවල බලපෑම සැඟව ඇත් දැ යි ඇතිවන්නේ සැකයකි. මන්දයත්, නීතිය/අධිකරණය දේශපාලනයෙන් විනිර්මුක්තව නිදහසේ තිබිය යුතු වුවත්, මෙරට ඉතිහාසය පුරා දේශපාලනික සාධක සමහර අවස්ථාවල ඒ නිදහසට බලපෑම් කරන නිසා ය.

මෙම අශිෂ්ට ම්ලේච්ඡ ඝාතනය කවුරුන් කරනු ලැබුව ද, කවුරුන් මෙහෙයවනු ලැබුව ද ශිෂ්ටත්වයේ, නීතියේ ආධිපතිත්වයේ සහ යුක්තිගරුකභාවයේ නාමයෙන් ඔවුනට දඬුවම් ලැබිය යුතු ය.

ප්‍රමාද වී හෝ යුක්තිය ඉෂ්ට විය යුතු ය.

RSL

Related Posts