මහින්දානන්ද අහුවෙයි ද?
-
RSL
-
April 22, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මහින්දානන්ද අලුත්ගමගේ යනු රාජපක්ෂ රෙජිමයේ ප්‍රබල ඇමැතිවරයෙකි. ඔහු විසින් උපයන ලද අයථා වත්කම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ කතාබහ ඇති විය. කිසිදු වත්කමක් නැතිව තිරිංග නැති කටක් පමණක් තිබූ මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකෝටි ගණනක ආදායම් ඉපැයූ බව ඒ කතාබහ අතර විය. දූෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ කටයුතු කරද්දී යම් යම් කරුණු හෙළිදරවු …
Continue Reading
ආචාර්ය නිහාල්සිංහ දිවිකතරින් සමුගිනියි!
-
RSL
-
April 22, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් සිංහල සිනමාවේ යුගකාරක පුරුෂයෙකි. එතුමෝ ඊයේ (21) තම ජීවනසැරිය නිම කළ බව දැනගන්නට ලැබේ. මෙරට පුරෝගාමී පුවත්පත් කලාවේදියෙක් වූ ඩී.බී. ධනපාලයන්ගේ පුත්‍රයෙක් වූ නිහාල්සිංහ මහතා, සිනමා පුළුල් තිරයේ පළමු චිත්‍රපටය වූ වැලිකතර නිර්මාණය කළේ ය. මෙරට ප්‍රථම ටෙලි නාට්‍ය වූ දිමුතු මුතු ටෙලි සිත්තමේ අධ්‍යක්ෂවරයා විය. චිත්‍රපට සංස්ථාවේ මුල් ම සාමාන්‍යධිකාරිවරයා ද වූ ඒ මහතා මියයන විට …
Continue Reading
රාජපක්ෂ දේශපාලනයේ මළගම මැයි 01 දා!
-
RSL
-
April 22, 2016
-
පුවත් සහ වාර්තා
-
news, reports
-
0 Comments
මෙවර මැයි 01 වැනි දා රාජපක්ෂ දේශපාලනයේ තීරණාත්මක ම දිනයක් වනු ඇතැ යි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. එපමණක් නොව මහින්ද රාජපක්ෂ පෙරටුකරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසටත් තම දේශපාලන පැවැත්ම තවදුරටත් එම පක්ෂය සමග ඉදිරියට යන්නේ ද යන කරුණ පිළිබඳව ද සලකා බලන්නට සිදුවන තත්වයක් උදා වී ඇතැ යි දැනගන්නට ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය සමයේ රාජපක්ෂවරුන්ගේ පවුලේ …
Continue Reading
විලි ලැජ්ජා නැතිකම ෆීල්ඩ් මාෂල්කමටත් වැඩිය ලොකු යි!
පිනට අමාත්‍ය සරත් ෆොන්සේකා විසින් ජනතා මුදලින් ගෙන්වන්නට යන සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව් වර්ගයේ රථයක් ගැන පසුගිය දිනවල විවිධ ආරංචි පැතිර ගියේ ය. එහි වටිනාකම ලක්ෂ 700ක් බව ද සමහර ආරංචිවලින් කියැවිණි. කෙසේ වෙතත්, මේ පිළිබඳ අගනා හෙළිදරව්වක් සරත් ෆොන්සේකා ඇමැතිවරයා සහභාගි වූ රූපවාහිනී වැඩ සටහනකින් දකින්නට ලැබුණි. සරත් ෆොන්සේකා යනු මෙරට දේශපාලනයේ අහඹුවකි. ඔහු දන්නා දේශපාලනයක් නැත. තම පුද්ගලික බල වුවමනාව, …
Continue Reading
බක් පෝය අදයි!
බක් පොහොය දිනය අදට යෙදී තිබේ. නව අවුරුද්දක් එළැඹෙන වසන්ත සමයෙන් ඇළැලෙන මෙම බක් පොහොය බෞද්ධාගමිකයන්ට වෙසෙස් වැදගත්කමක් දරන්නකි. මෙරටට බුදුන් වහන්සේ දෙවැනි වරට පා තැබුවේ බක් පුන් පොහෝ දිනයක බව බෞද්ධ විශ්වාසය යි. චූලෝදර – මහෝදර නම් නා රජුන් අතර නාගදීපයේ ඇති වූ යුද්ධය සන්සිඳවන්නට එවර බුදුන් වහන්සේ පැමිණි බව බෞද්ධ පොත්-පත්වල සඳහන් වෙයි. එමෙන් ම බෞද්ධ ඉගැන්වීම් අනුව, …
Continue Reading
බදු වැඩි වුණත් බිල වැඩිවෙන්නේ නැහැලු
එලඹෙන 02 වැනිදා සිදු කෙරෙන බදු සංශෝධනයෙන් විදුලි බිල්පත්වල සහ ජල බිල්පත්වල සංශෝනයක් සිදු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. දැනට පවතින වැට් බදු ප්‍රතිශය 11% සිට 15% දක්වා ඉහළ දැමීමක් සිදු වන අතර එහිදී ජල හා විදුලි බදු …
Continue Reading
ධීවර ඇමැතිගේ මාධ්‍ය ලේකම් හොඳ සිහියෙන් ද?
ඊයේ (20) දිනයේ විවිධ මාධ්‍යවල ප්‍රධානකොට පළ වූ පුවතක් වූයේ, ශ්‍රී ලංකාවේ මාලු අපනයනය සම්බන්ධයෙන් යුරෝපා සංගමය විසින් පනවා ඇති තහනම මැයි 21 දා සිට ඉවත් කර ඇති බව ය. ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍යංශ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් ඩබ්ලිව්.එම්.ඩී. වන්නිනායක ඒ සම්බන්ධ මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබූ අතර එය බොහෝ තැන්වල මාතෘකාවක් බවට පත් ව තිබුණි. පසුව ඔහු ම නැවතත් …
Continue Reading
මහින්ද කිරුළපන රැළියට යාම ස්ථිරයි!
හිටපු ජනපති මහන්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා මැයි පළමුවැනිදා ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි රැළියට සහභාගි නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වාගන්නා පිරිස කිරුළපන දී පවත්වන මැයි රැළිය වෙත සහභාගිවීම ස්ථිර බවත් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. දිගින් දිගට ම මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ප්‍රමුඛ පිරිසට සහනශීලී ප්‍රතිපත්තියක් දැක්වූ බව පසුගිය මෑත දේශපාලන ඉතිහාසය …
Continue Reading
පූජිත! කරනව නං මෙන්න වැඩ!
කොටකෙතන දී ඉකුත් වසරේ කාන්තාවක් ඝාතනය කෙරුණු අතර එය සිදු කරන ලද්දේ ඇගේ ම පුත්‍රයා විසින් බව කියමින් කහවත්ත පොලිසිය විසින් කරුණු ගොනු කරන ලදී. මෙරට තුච්ඡ, නින්දිත මාධ්‍යකරුවන් විසින් එම බාලවයස්කාරයාගේ සේයාරූ පළ කරමින්, අධිකරණයක සාධාරණ නඩු විභාගයකින් තොරව වැරදිකරුවෙක් කරන ලදී. ඔහුගේ සේයාරූ සෑම මාධ්‍යයක ම පාහේ කිසිදු සංස්කරණයකින් තොරව පළ කරන ලද අතර සිය පෙම්වතියට අවුරුදු තෑග්ගක් …
Continue Reading
අධ්‍යාපනයට කෙළවීම ස්ථිරයි!
කෙළවනවා යන වචනය ග්‍රාම්‍ය වහරේ යෙදෙන වචනයකි. රීඩ් ශ්‍රී ලංකා මාධ්‍ය භාවිතය තුළ අප රකිනා පත්තරකාර උරුමයක් තිබෙන අතර අපි ඒවා ගැන නිබඳව සැලකිලිමත් වන්නෙමු. ඒ සියල්ල තිබිය දී ම අපි නොසරුප් වචනයක් සේ ද ගිණිය හැකි කෙළවනවා යන වචනය මේ ප්‍රවෘත්තිය සඳහා යොදන්නට තීරණය කළෙමු. මෙයට දින කිහිපයකට පෙර අප පුවතක් වාර්තා කළේ අධ්‍යාපන පරිපාලන සේවයට දෙන්නට යන දේශපාලන …
Continue Reading