මහින්දානන්ද අහුවෙයි ද?

Spread the love

mahindananda-aluthgamage-newsfirst

මහින්දානන්ද අලුත්ගමගේ යනු රාජපක්ෂ රෙජිමයේ ප්‍රබල ඇමැතිවරයෙකි. ඔහු විසින් උපයන ලද අයථා වත්කම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ කතාබහ ඇති විය. කිසිදු වත්කමක් නැතිව තිරිංග නැති කටක් පමණක් තිබූ මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකෝටි ගණනක ආදායම් ඉපැයූ බව ඒ කතාබහ අතර විය.

දූෂණ විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ කටයුතු කරද්දී යම් යම් කරුණු හෙළිදරවු වී ඇති බවත්, ඒ අතර රාජගිරිය ප්‍රදේශයේ ඉදිකළ සුවිසල් මාළිගයක් ද ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත්, අධිකරණය විසින් නියෝග කර ඇත්තේ, මහින්දානන්දගේ බැංකු ගිණුම් පරික්ෂා කරන ලෙස ය. මෙරට රාජ්‍ය බැංකු කිහිපයක කළමනාකරුවන් වෙත අධිකරණය මෙම නියෝගය කර ඇතත්, සිය නිල ගිණුම්වල මුදල් තැන්පත් කරන්නට තරම් මේ අය බබාලා විය නොහැකි බව කිව යුතු ය. පරික්ෂණ මෙයට වඩා විධිමත් විය යුතු බව පමණක් කිව යුතු ය.

RSL

Related Posts