රාජපක්ෂ දේශපාලනයේ මළගම මැයි 01 දා!

Spread the love

mahinda-lose

මෙවර මැයි 01 වැනි දා රාජපක්ෂ දේශපාලනයේ තීරණාත්මක ම දිනයක් වනු ඇතැ යි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි. එපමණක් නොව මහින්ද රාජපක්ෂ පෙරටුකරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසටත් තම දේශපාලන පැවැත්ම තවදුරටත් එම පක්ෂය සමග ඉදිරියට යන්නේ ද යන කරුණ පිළිබඳව ද සලකා බලන්නට සිදුවන තත්වයක් උදා වී ඇතැ යි දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පසුගිය සමයේ රාජපක්ෂවරුන්ගේ පවුලේ බූදලයක් ව තිබූ බව කවුරුත් දනිති. ජනපතිවරණයෙන් පැරදුණු පසුව විවිධ චෝදනා ලද පිරිසක් පෙරටු කරගනිමින් නැවත බලය ලබා ගන්නට විවිධ නාඩගම් මහින්ද විසින් නැටූ සහ නටමින් සිටින බව කවුරුත් දනිති. කෙසේ වෙතත්, කිසිදු පක්ෂයකට මෙලෙස දෙකට-දෙවාරනේ ගමනක් යා නොහැකි බව රහසක් නොවේ. මෙම මැයි දිනයෙන් පසු ජනපතිවරයා විසින් පක්ෂය සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට යන බව ඒ අතර ම වාර්තා වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් එය යම් කිසි අසීරු තත්වයක් උදා කරනු ඇති මුත්, පක්ෂය නිශ්චිත නායකත්වයක් යටතේ ගොඩනැගීමට නම් ජනපතිවරයා එම තීන්දුව ගත යුතු බව දේශපාලන විචාරකයන්ගේ මතය යි.

ඒ අනුව මැයි පළමුවෙනිදා මෙරට දේශපාලනයේ වැදගත් වෙනසක් සටහන් කරනු ඇත. මහින්ද රාජපක්ෂට සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෑම දේශපාලකයෙක්ට ම සිය දේශපාලන ගමන ගැන නැවත සිතන්නට අවස්ථාවක් එළැඹ ඇත.

Loading...

RSL

Related Posts