වෝල්ටර් සර් – විශිෂ්ට අධ්‍යාපනඥයෙකු පිළිබඳ සටහන්

Spread the love

Untitled-1

ප්‍රකට පරිවර්තකයෙක් වන මහින්ද සෙනරත් ගමගේ මහතාගේ නවත ම කෘතිය “වොල්ටර් සර් – විශිෂ්ට අධ්‍යාපනඥයෙකු පිළිබඳ සටහන්” නමින් ඊයේ (21) හොරණ තක්ෂිලා මහා විද්‍යාලයේ දී එළිදක්වනු ලැබිණ. පෝය දිනයේ වුව ද විශාල පිරිසකගේ සාහභාගිත්වයෙන් සිදුවුණු මේ කටයුත්ත වෙසෙස් වැදගත්කමක් දරන්නකි.

වෝල්ටර් සිල්වා යනු මෙරට විසූ දීප්තිමත් ම ගුරුවරයෙකි. විදුහල්පතිවරයෙකි. අධ්‍යාපනඥයෙකි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඔහු ගුරුවරයෙක් ව කටයුතු කර ඇති බව වසර 30කට පසුව ඔහුගේ වයස 88ක්ව තිබිය දී මෙවන් පොතක් එළිදැකීම මගින් ම හෙළිවෙයි. ඔහුගේ සෙවණේ හැදුණු-වැඩුණු විවිධ සිසුන් එම කෘතියේ අදහස් දක්වා ඇත. එ් අතර ප්‍රකට ලේඛකයන් වන, මහින්ද සෙනරත් ගමගේ, චූලානන්ද සමරනායක, කලාකරුවන් වන රවින්ද්‍ර යසස්, සරත් කුලාංග, උපාලි ගම්ලත්, සරසවි ඇදුරන්, සිනමාකරුවන්, වෛද්‍යවරුන්, විදුහල්පතිවරුන්, උසස් පොලිස් නිලධාරින්, ප්‍රකට ව්‍යාපාරිකයන් වෙති. ඒ සියලු දෙනා විසින් ම සිය ගුරුතුමා පිළිබඳ දක්වා ඇති අදහස් දුටු විට ගුරු භූමිකාවක අනාගතයක් නිමවන්නට ඇති ශක්‍යතාව පිළිබඳ විස්මයක් ඇති වේ.

නූතන විදුහල්පති භූමිකාව සහ සන්සන්දනයේ දී වෝල්ටර් සිල්වා වැනි අයෙකුගේ මැදිහත්වීම අතිදීප්තවන බව අවිවාදිත ය.

RSL

Related Posts