ඇමති රාජිතගේ මහා පරිමාණ ඖෂධ ජාවාරමක් විගණන වාර්තාවලින් හෙළිවෙයි! ගැබිණි මව්වරුන්ට බාල ඖෂධ! සම්පූර්ණ වාර්තාව මෙන්න

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙරටට ගෙන්වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙන පෝලික් අම්ලය ඖෂධයේ සිට ඖෂධ වැඩි ප‍්‍රමාණයක් බාල ඖෂධ බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. රජයේ සමස්ත වියදමෙන් සියයට 1.4ක් හෙවත් රුපියල් මිලියන 27,527ක් වැය කර ඇත්තේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ මිලදී ගැනීමට බවද ඊයේ (27) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ පැවැති මාධ්‍ය …

Continue Reading

ආනයනික කිරිපිටි වල අඩංගු විෂ රසායන පිළිබඳ වහාම පරීක්ෂණ සිදුකරන්න! රජයේ වෛද්‍ය නිලධාරීන් ජනපතිගෙන් යළි ඉල්ලයි

ආනයනික කිරිපිටි වල අඩංගු බවට මේ වන විට සොයාගෙන ඇති විෂ රසායන ද්‍රව්‍ය පිළිබඳව වහාම පරීක්ෂණ පවත්වන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් යළි ඉල්ලීමක් සිදු කර තිබේ. මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය. අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදි ජනරජය, ජනාධිපති ලේකම් කාර්යාලය, …

Continue Reading

ආනයනික කිරිපිටිවල ඇති විෂ රසායන ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් පරීක්ෂණයක් ඉල්ලයි!

ආනයනික කිරිපිටි වල මෙලමයින්, DCD වැනි සෞඛ්‍යයට හානිකර සංඝටක අන්තර්ගත බැවින් ජනතාවගේ ශරීර සෞඛ්‍යයට ඉන්වන හානිකර බලපෑම සම්බන්ධයෙන් වහාම රජය පරීක්ෂණයක් පැවැත්විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

Continue Reading

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්!

පසුගිය වසර 04 ඇතුළත සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිදුවී ඇති බව කියන දූෂණ අක‍්‍රමිකතා පිළිබඳව සෙවීමට ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එකඟ වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලූත්ගේ පවසයි. සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම, වෛද්‍ය සේවාව සඳහා යෝජිත නව ව්‍යවස්ථාවේ බලපෑම්, සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පසුගිය කාලයේ සිදුවූ දූෂණ අක‍්‍රමිකතා යන කරුණු සම්බන්ධයෙන් පෙරේදා (12) ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා …

Continue Reading

ගලහ ගිනිගත් ඇත්ත සිද්ධිය කුමක්ද..? දැන් වන්දි ගෙවන්නේ කවුද..? (Video)

ගලහ රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මිය යෑමේ සිදුවීමක් මුල් කර ගනිමින් රෝහල් භූමියේ ඊයේ(28) නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ අතර එම තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්දන ඒකකද කැඳවා තිබිණ. අවුරුදු එකහමාරක් වයසැති සංකර් සජීවරන් නැමති පිරිමි දරුවෙකු සෙම තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඊයේ(28) උදෑසන ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ඔහුගේ දෙමව්පියන් විසින් රැගෙනවිත් තිබේ. සෙම් රෝගී …

Continue Reading

පිළිකාකාරයක් වන ග්ලයිෆෝසේට් මඟින් වඳභාවය, සිරෝසිස්, ඔටිසම් ඇතුළු රෝග රැසක්! වෛද්‍යවරු දැඩිව තහවුරු කරති; ඔබත් ගොදුරක්ද..? වහාම තහවුරු කරගන්න.

ජාත්‍යන්තර පරීක්ෂණ මඟින් පිළිකා කාරකයක් බව තහවුරු කරන ලද ග්ලයිෆෝසේට් අඩංගු වල්නාශක තුළින් පිළිකාවලට අමතරව ස්ත්‍රී පුරුෂ වඳ භාවය, සිරෝසිස්, ඔටිසම්, මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම මඟින් ඇතිවන ඩෙමින්ට්‍රියා හෙවත් අමතක වීමේ රෝගය ඇතුළු රෝග රැසක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමේ රජයේ අමනෝඥ තීරණය” සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ(14) අනාවරණය කර සිටියහ. පසුගියදා ග්ලයිෆෝසේට් අඩංගු …

Continue Reading

වෛද්‍ය සභාව අහෝසි කිරීමේ සැලැස්මක්!

වෛද්‍ය සභාව අහෝසි කළහොත් ඉතිහාසයේ දැවැන්තම වෛද්‍ය වැඩ වර්ජනය පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය. වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියකින් කරුණු දැක්‌වූ බව ද ලේකම්වරයා සඳහන් කළේය. වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ උත්සාහය සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ බව …

Continue Reading

වෛද්‍ය වැඩ වර්ජනය ගැන නොදැන පැමිණි රෝගීන් අමාරුවේ

ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව රටට හානිකර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(03) වැඩ වර්ජනයක නිරත වුණි. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායන නිසි පරිදි සිදු නොවූ අතර වර්ජනය පිළිබඳව නොදැන ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි රෝගීන්ද අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය …

Continue Reading

බොරු බිල්ලන් මවමින් පාදෙණිය රාජපක්ෂලාට කඩේ යනවා – මුජිබර්

අද මේ රටේ වෘත්තිකයන් ලෙස පෙනී සිටිමින් ක්‍රියාත්මක මාෆියාවක් වන පාදෙණියලාගේ කොන්ත්‍රාත්තුව වී ඇත්තේ ගෝඨා, මහින්ද ඇතුළු රාජපක්ෂ කල්ලිය බලයට ගෙන ඒම බවත් ගෝඨාගේ එළිය සංවිධානය වෙනුවෙන් කඩේ යන පාදෙණිය ඇතුළු කණ්ඩායම ගත වූ කාලය පුරාවටම කළේ මේ රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට කටයුතු කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් ප්‍රකාශ කරයි. එදා එක්ටා ගිවිසුමට බොරු බිල්ලන් මවාපාමින් විරෝධය පළ කළ …

Continue Reading

අගෝස්තු 03 වනදා වෛද්‍ය වැඩ වර්ජනය කුමක් සඳහා ද..?

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එලඹෙන අගෝස්තු 03 වනදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර ඇති අතර ඔවුන් මෙම වර්ජනය සිදුකරන්නේ කුමක් සඳහා ද? යන්න පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ දන්වා සිටී.

Continue Reading