වෛද්‍ය සභාව අහෝසි කිරීමේ සැලැස්මක්!

Spread the love

වෛද්‍ය සභාව අහෝසි කළහොත් ඉතිහාසයේ දැවැන්තම වෛද්‍ය වැඩ වර්ජනය පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලිපියකින් කරුණු දැක්‌වූ බව ද ලේකම්වරයා සඳහන් කළේය.

වෛද්‍ය සභාව විසුරුවා හැරීමේ උත්සාහය සම්බන්ධයෙන් කරුණු දැක්‌වීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළ ලේකම්වරයා මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා වෛද්‍ය සභාවේ සභාපති ධුරයෙන් ඉවත් වීම සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ ඔහු වටා සිටින ගෝලබාලයන්ගේ නාටකයක්‌ යෑයි ද කීවේය.

තම තමන්ගේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ විට කෙසේ හෝ බලයට පත් වීමේ අරමුණින් රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිස මෙම අත්තනෝමතික තීරණ ගන්නා බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

වෛද්‍ය සභාව අහෝසි කිරීමෙන් සිදුවන්නේ සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විශාල කඩාවැටීමක්‌ සහ නුසුදුස්‌සන් වෛද්‍ය ක්‍ෂේත්‍රයට පැමිණීමෙන් මෙම ක්‍ෂේත්‍රය විනාශ වී යාමක්‌ පමණක්‌ බවද ලේකම්වරයා කියා සිටියේය.

RSL

Related Posts