ගැටුම එළිපිට; අගමැති රනිල්, ජනපති මෛත්‍රීගේ ඉදිරි වැඩසටහන් මඟ අරී.. (විශේෂ)

Spread the love

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉදිරි දේශපාලන ගමනට අදාළ වන වැඩ සටහන් වලට සහභාගී වීම මඟ අරින බවට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් යහපාලන රජයේ 2030 ඉලක්ක කරගත් “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීම” මැයෙන් ඊයේ(06) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ශාලාවේදී පැවති උත්සවය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කොට තිබුණද ඔහු වෙනත් සාකච්ඡාවක් ඇති බව පෙන්වමින් එය මඟ හැර ඇතැයි වාර්තාවේ. මෙම උත්සවය ජනාධිපති කාර්යාලය මඟින් සංවිධානය කොට ඇති අතර අගමැතිවරයාට කල් තියාම ආරාධනා කොට තිබී ඇති බවද වාර්තාවේ. කෙසේ හෝ අවසන් මොහොතේ සහභාගීත්වය තහවුරු කිරීම විමසන අවස්ථාවේදී අගමැතිවරයාට වෙනත් සාකච්ඡාවක් යෙදී ඇති බව පවසමින් ඔහු එය මඟ හැර ඇති බව වාර්තාවේ.

ඊයේ පැවති “තිරසර දැක්ම එළිදැක්වීම සහ තිරසර කතිකාව ජනගත කිරීම” උත්සවයේ පසුතල සැකසුම් සඳහා අගමැතිවරයාගේ රුවද යොදා තිබී ඇත. කෙසේ හෝ අවසානයේ මෙම උත්සවය සඳහා අගමැතිවරයාගේ පාර්ශවය නියෝජනය කරමින් තිරසර සංවර්ධන සහ වනජීවි අමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු පමණක් සහභාගී වී ඇත.

මෙය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පවතින දේශපාලන ගැටුම සහ වත්මන යහපාලන රජයේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය තුල ඉදිරි ගමනයක් සිදු නොවන බවට වූ පැහැදිලි උදාහරණයක් වන බව දේශපාලන විචාරකයෝ පවසති. කෙසේ වෙතත් “2025 දැක්ම” ජනගත කිරීම සඳහා අගමැතිවරයා විසින් සංවිධානය කළ උත්සවයට ජනාධිපතිවරයා සහ ඔහුගේ පාර්ශවයේ අතර සහභාගී වූ අතර අවසානය තෙක් රැඳී සිටි බවද වාර්තාවේ.

RSL

Related Posts