බැඳුම්කර කොමිසම අවුල් කරන්න රාජපක්ෂලාගේ සහචරියක්! (විශේෂ)
කුප්‍රකට මහ බැංකු බැඳුම්කර කොල්ලය ගැන සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් පත්කරන ලද ‘ජනාධිපති බැඳුම්කර විමර්ශන කොමිසම’ ට සාක්ෂි දීම සඳහා පෙරේදා(24) කැඳවන ලද සාක්ෂිකාරියක් මෙන්ම රාජපක්ෂ රෙජීමයේ සහචරියක් වන මුතුකුඩආරච්චිගේ විනෝදනී නමින් පෙනී සිටි කාන්තාවක් ලබාදුන් සාක්ෂිය ජනාධිපති බැඳුම්කර කොමිසම සමච්චලයට ලක්කරමින් එම විමර්ශනය නොමඟ යැවීම සඳහා සිදුකර ඇතිබවට මේ වන අනාවරණය වෙමින් තිබේ. බැඳුම්කර කොමිසමේ මුතුකුඩආරච්චිගේ …
Continue Reading
බැඳුම්කර වෙන්දේසියේදී මහා වංචාවක් සිදුවුණු බව එදාම දැනගත්තා – අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි
2015 පෙබරවාරි මස 27දා සිදුකර ඇති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන එදිනම (First Capital) ෆස්ට් කැපිටල් මූල්‍ය ආයෝජිතයා තමාට දුරකතනයෙන් දැන්වූ බවත් ඒ මොහොතේම තමා එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඒ ගැන විමසූ බවත් ඊයේ (5දා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය. එම ආරංචිය ලැබුණු මොහොතේදීම …
Continue Reading
මහ බැංකු අධිපතිට එවූ විගණන වාර්තා 8 ක් නි. අධිපති සමරසිරි නොසලකා හැරලා
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා වෙත රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් එවන ලද විගණන වාර්තා 08 ක් 2017 ජනවාරි 17 දින අත්‍යවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දෙමින් මහ බැංකු අධිපතිවරයා විසින් නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමරසිරි මහතා වෙත යවා ඇතැයි ද, ඒවා ඔහු විසින් මහ බැංකුවේ ප්‍රයෝජනයට නොගෙන මේ දක්‌වාම ඔහු සන්තකයේ රඳවා තබාගෙන සිටින බවද මහ බැංකුවේ …
Continue Reading
බැඳුම්කර වංචාව හේතුවෙන් මහබැංකුව ඓතිහාසික මුදල් අච්චු ගැසීමේ තවත් මගඩියක් හෙළිවෙයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (04) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. මින් පෙර කිසිදු වර්ෂයක මෙපමණ මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව …
Continue Reading
බැඳුම්කර කොල්ලයේ පාඩුව පියවන්න 28% ක බද්දක්
ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩියෙන් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් පාඩු කිරීමට අමතරව එම අරමුදලේ ආයෝජන ආදායමටත් එය රඳවා තබා ගැනීමටත් සියයට 28ක බද්දක් පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය අනාවරණය කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට සියයට 14කුත්, එම අරමුදල රඳවා තබා ගැනීමේ බද්ද ලෙස සියයට 14කුත් යන ආකාරයට මෙලෙස …
Continue Reading
කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් යට ගැසූ තවත් බිලියන 21 ක මගඩියක් හෙළිවෙයි
රුපියල් බිලියන ගණනක් මහජන මුදල් මහදවල් කොල්ල කෑ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පත් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාවටම මුවාවෙමින් සිදුකළ තවත් රුපියල් බිලියන 21 ක කුප්‍රකට මගඩියක් පිළිබඳව ‘මහ බැංකුව බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම’ හමුවේ අනාවරණය වී තිබේ. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ …
Continue Reading
බැඳුම්කර මංකොල්ලයේ මධ්‍ය මෙහෙයුම 04 වනදා එජාපය වෙනුවෙන් ඇරඹෙයි! (Exclusive)
එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අනුදැනුම මත පත්කරන ලද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජනාධිපතිවරයා විසින් නෙරපා දමන ලද මහ බැංකුවේ බැඳුම්කර කොල්ලකරුවා වූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් හරහා කොල්ලකන ලද මුදලින් එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වූ ප්‍රථම ආයෝජනය ලබන අප්‍රේල් මස 04 වනදා ‘ජනයුගය’ නැමැති පුවත් පතත් සමඟ නිල වශයෙන් සිදුවීමට …
Continue Reading
බැදුම්කරය මංකොල්ලයෙන් සිදුව ඇති EPF පාඩුව කෝටි 950ක්
සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රශ්නගත භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනුවලින් සේවක අර්ථසාධක අරමුදලට රු. කෝටි 950 ක පමණ අතිවිශාල අලාභයක් සිදුව ඇතැයි මහ බැංකුව විසින් සිදුකළ අභ්‍යන්තර පරීක්‍ෂණයක් මගින් හෙළිදරව් කරගෙන ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩල ආරංචි මාර්ග පවසයි. ඉකුත් මාර්තු 23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමට අදාළ අභ්‍යන්තර පරීක්‍ෂණ වාර්තාව ඉදිරිපත්ව ඇති අතර එම වාර්තාව මගින් එම අර්ථසාධක අරමුදලේ බැඳුම්කර …
Continue Reading
බැඳුම්කර කොල්ලයට රවි, මලික් සහ කබීර්ගෙන් සැලසුම් ලැබුණු බවට සාක්ෂියක්!
මහ බැංකුව විසින් 2015 පෙබරවාරි 27 දා සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 10 ක් වටිනා ලංසු භාර ගැනීම නොකළ යුතුව තිබුණු බවත් වැඩිම වුණොත් රුපියල් බිලියන 02 කට හෝ 03 කට වඩා ඉහළට යා යුතුව නොතිබුණු බවත් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා මහතා ඊයේ (23 දා) බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පැවසීය. 2015 පෙබරවාරි 27 දා පැවැත්වීමට නියමිතව …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් කොළේ වසා පිල්ලි ගැසූ තවත් තැනක් හසුවෙයි
පර්පෙචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වූ අර්ජුන ඇලෝසියස් මහතා මහා බැංකුවේ අධිපති ධුරයට පත් වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා බව තමා දැන නොසිටි අතර ඒ ඥති සම්බන්ධය තමාට හෙළි කළේ නැතැයි හිටපු රාජ්‍ය ණය අධිකාරී රාජා ධම්මික නානායක්‌කාර මහතා ඊයේ (14) දෙවැනි දිනටත් මහා භාණ්‌ඩාගාර බැඳුම්කර පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේය. අර්ජුන ඇලෝසියස් මහතා …
Continue Reading