කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් කොළේ වසා පිල්ලි ගැසූ තවත් තැනක් හසුවෙයි

Spread the love

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂවරයා වූ අර්ජුන ඇලෝසියස්‌ මහතා මහා බැංකුවේ අධිපති ධුරයට පත් වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා බව තමා දැන නොසිටි අතර ඒ ඥති සම්බන්ධය තමාට හෙළි කළේ නැතැයි හිටපු රාජ්‍ය ණය අධිකාරී රාජා ධම්මික නානායක්‌කාර මහතා ඊයේ (14) දෙවැනි දිනටත් මහා භාණ්‌ඩාගාර බැඳුම්කර පරීක්‍ෂා කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය.

අර්ජුන ඇලෝසියස්‌ මහතා සහ අර්ජුන මහේන්ද්‍රන් මහතා අතර සම්බන්ධය ගැන තමාට දැනගන්නට ලැබුණේ 2015 පෙබරවාරි 6 දා තමා රාජ්‍ය ණය අධිකාරි ධුරයෙන් ඉවත් කර වෙනත් අංශයකට මාරු කළාට පසුව බවද ඔහු කීය.

කොමිසමේ සාමාජික ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා-

අර්ජුන මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපති ඒ වගේම ඔහු මහා බැංකුවේ මූල්‍ය මණ්‌ඩලයේත් සභාපති. බැංකුවේ ප්‍රධාන තනතුරු දෙකම දරන ඔහුගේ බෑනා මහා බැංකුව සමග ගනුදෙනු කරන ප්‍රාථමික ගැනුම්කරුවෙක්‌. ලංසු මිලදී ගන්න තැනැත්තෙක්‌. මේ ගැන ඔබේ මතය කුමක්‌ද?

නානායක්‌කාර මහතා- මෙය මා හිතන හැටියට පැවතිය යුතු හොඳ තත්ත්වයක්‌ නොවේ ස්‌වාමීනි.

විනිසුරු ජයවර්ධන මහතා- ඔබ කියා සිටින්නේ රාජ්‍ය ණය අධිකාරි ලෙස ඔබ ඉන්න කොට ඒ දෙදෙනා අතර ඥති සම්බන්ධය දැනගෙන සිටියේම නැහැ කියලා.

නානායක්‌කාර මහතා- ඔව්. ස්‌වාමිනී පසුව දැන ගන්නට ලැබුණා. එතකොට මම තනතුරේ නැහැ.

නානායක්‌කාර මහතාගේ සාක්‍ෂිය ඊයේ කොමිසම හමුවේ මෙහෙයවනු ලැබුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්‌ටර්වරයකු වන මිලින්ද ගුණතිලක මහතා විසිනි.

පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ ව්‍යqහය පිළිබඳව කොමිසම දැනුවත් කිරීම සඳහා නියෝජ්‍ය සොලිස්‌ටර් ජනරාල් ගුණතිලක මහතා දීර්ඝ වශයෙන් ප්‍රශ්න කළේය. එය සමාගම් කීපයක එකතුවක්‌ බවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමද එහි එක්‌ පාර්ශ්වකරුවකු බවත් එය ප්‍රාථමික ගැනුම්කාර ආයතනයක්‌ හැටියට පිළිගෙන ලියාපදිංචි කිරීමට කටයුතු කළේ තමා බවත් ඒ බව මහජනතාවට එම සමාගම ගැන දැන ගැනීම සඳහා පුවත්පතක දැන්වීමක්‌ පළ කළ බවත් නානායක්‌කාර මහතා පැවැසීය.

RSL

Related Posts