කුප්‍රකට බැඳුම්කර වංචාවෙන් යට ගැසූ තවත් බිලියන 21 ක මගඩියක් හෙළිවෙයි

Spread the love

රුපියල් බිලියන ගණනක් මහජන මුදල් මහදවල් කොල්ල කෑ අගමැති රනිල් වික්‍රමසිංහගේ ඉල්ලීම පරිදි පත් කළ අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙහෙයවීමෙන් සිදුකළ කුප්‍රකට බැඳුම්කර වංචාවටම මුවාවෙමින් සිදුකළ තවත් රුපියල් බිලියන 21 ක කුප්‍රකට මගඩියක් පිළිබඳව ‘මහ බැංකුව බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති කොමිසම’ හමුවේ අනාවරණය වී තිබේ.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ ආපසු නොගෙවීම නිසා එම සමාගමෙන් රුපියල් මිලියන 88ක මුදලක් අයකරගත් නමුත් මහ බැංකුවේ නිලධාරීන්ගේ අනුමැතිය යටතේ කටයුතු කිරීම නිසා එම මුදල ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගෙවීමට සිදු වු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර කොමිසම හමුවේ හෙළි කර තිබේ.

මෙය අසාමාන්‍ය තත්වයක් යැයිද අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කර ඇත.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ අප්‍රේල් පළමුවැනිදා මහ බැංකුවෙන් රුපියල් බිලියන 11ක මුදලක් ලබාගත්තත් එය අප්‍රේල් 04 වැනිදා තෙක් නොගෙවීම නිසා එම මුදල් පැහැර හැරීම වෙනුවෙන් මහ බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 88ක මුදලක් අයකරගැනීමට තීරණය කර ඇත්තේ අප්‍රේල් 04 වැනිදාට අනුරූපව පොළී ගණනය කිරීමෙනි.

කෙසේ නමුත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ මහ බැංකුවේ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මියගේ අනුමැතිය පරිදි එම පොළිය අප්‍රේල් පළමුවැනිදා පොළී අනුපාතයට අනුව ගණනය කිරීම නිසා එම රුපියල් මිලියන 88ක මුදල ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගෙවීමට සිදුවී තිබේ.

RSL

Related Posts