මහබැංකු බැඳුම්කර මහා වංචාව පසුපස ජනපති නොනැවතී පන්නයි! සටන දැඩිවෙයි!

2015 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ තිබුණු ශ්‍රී ලංකා මහබැංකුවේ මෙරට ඉතිහාසයේ මෙතෙක් සිදුවූ අතිදැවැන්තම මහ බැංකු බැඳුම්කර වංචාව හෙවත් මහබැංකු බැඳුම්කර කොල්ලය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කළ විශේෂ ජනාධිපති කොමිසම පෙන්වා දෙන අන්දමින් රුපියල් බිලියන දාහකට වැඩි බව පැවසෙන එම මහා මංකොල්ලය සිදුව ඇත්තේ 2002, 2003 වසරේ සිට 2016 දක්වා කාලය තුළ බව …

Continue Reading

මාමටයි-බෑනටයි නඩු පවරන්න බැඳුම්කර කොමිසම සැරසෙයි

සීමාසහිත පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් සහ ඔහුගේ මාමා වන මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගම්සූරිය මහතා නීතිපතිවරයා වෙත ලිපියක් මඟින් දැනුම් දී තිබේ. කොමිසමේ ලේකම්වරයා නීතිපති වෙත යැවූ ලිපියෙන් දැනුම් දී ඇත්තේ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභා ආඥා පනතේ …

Continue Reading

බැඳුම්කර මගඩියෙන් බිලියන 11ක්‌ ලාභ ඉපයීමට මාමා මහ බැංකුවේ රහස් බෑනාට දීලා

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට පෙර නොවිරූ අසාමාන්‍ය අධික ලාභ උපයා ගැනීමට හැකි වූයේ එම සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝෂියස්‌ මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබුණු අභ්‍යන්තර තොරතුරු (Inside Information) සහ මිල සංවේදී රහසිගත තොරතුරු (Price Sensitive Confidential Information) නිසා බව ඊයේ (06 දා) ජනාධිපති බැඳුම්කර කොමිසමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා පිළිගත්තේය. 2015 වර්ෂයේ සිට 2016 වර්ෂය …

Continue Reading

බැඳුම්කර වෙන්දේසියේදී මහා වංචාවක් සිදුවුණු බව එදාම දැනගත්තා – අමාත්‍ය හර්ෂ ද සිල්වා කියයි

2015 පෙබරවාරි මස 27දා සිදුකර ඇති ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය ගැන එදිනම (First Capital) ෆස්ට් කැපිටල් මූල්‍ය ආයෝජිතයා තමාට දුරකතනයෙන් දැන්වූ බවත් ඒ මොහොතේම තමා එවකට මහ බැංකු අධිපති වූ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් ඒ ගැන විමසූ බවත් ඊයේ (5දා) මහ බැංකු බැඳුම්කර ගනුදෙනු විමර්ශන ජනාධිපති කොමිසම හමුවේදී නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේය. එම ආරංචිය ලැබුණු මොහොතේදීම …

Continue Reading

මහ බැංකු අධිපතිට එවූ විගණන වාර්තා 8 ක්‌ නි. අධිපති සමරසිරි නොසලකා හැරලා

මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා වෙත රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් එවන ලද විගණන වාර්තා 08 ක්‌ 2017 ජනවාරි 17 දින අත්‍යවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස්‌ දෙමින් මහ බැංකු අධිපතිවරයා විසින් නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමරසිරි මහතා වෙත යවා ඇතැයි ද, ඒවා ඔහු විසින් මහ බැංකුවේ ප්‍රයෝජනයට නොගෙන මේ දක්‌වාම ඔහු සන්තකයේ රඳවා තබාගෙන සිටින බවද මහ බැංකුවේ …

Continue Reading

මහ බැංකුවේ රහස්‍ය ලේඛනයක් කොමිසම හමුවේ දිගහැරෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් මහ බැංකුව සතු රහස්‍ය ලේඛනයක්‌ කොමිසමට ඊයේ (15 දා) ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කොමිසම තුළ උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගත විය. එහිදී රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා එම රහස්‍ය ලේඛනය මහ බැංකුවෙන් පිටවීම …

Continue Reading

බැඳුම්කර වංචාව හේතුවෙන් මහබැංකුව ඓතිහාසික මුදල් අච්චු ගැසීමේ තවත් මගඩියක් හෙළිවෙයි

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස්‌ මත පූර්ණ වෙන්දේසි ක්‍රමයකට මහ බැංකුව ගමන් කළ නිසා 2015 සහ 2016 යන වර්ෂ දෙකේදී ඓතිහාසිකව විශාල ලෙස මුදල් අච්චු ගැසීමට මහ බැංකුවට සිදුවූ බව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (04) බැඳුම්කර කොමිසම හමුවේ සාක්‌ෂි දෙමින් පැවසීය. මින් පෙර කිසිදු වර්ෂයක මෙපමණ මුදල් ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකා මහ බැංකුව …

Continue Reading

බැඳුම්කර මංකොල්ලයේ පාඩුව රු.කෝටි 20,585 ක් බව කොමිසම හමුවේ හෙළිවේ.. (Exclusive)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවට පත්කරන ලද සිංගප්පුරු ජාතික කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් විසින් බැඳුම්කර වෙන්දේසියේදී මංකොල්ලකෑමෙන් මේ රටට අහිමි වූ මහජන මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 20,585 ක් බව ඊයේ (02) බැඳුම්කර පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අනාවරණය විය. අපේ රටේ සිදු වූ විශාලතම මුදල් මංකොල්ලය බැඳුම්කර වංචාව නිසා ඊට වගකිව යුතු අර්ජුන මහේන්ද්‍රන් මහතා …

Continue Reading

ජනපති නියමයෙන් බැඳුම්කර කොමිසමේ කාලය දීර්ඝ කරයි

කුප්‍රකට බැඳුම්කර වංචාව පිළිබඳව විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය අද (27) සිට තවත් මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කටයුතු කර තිබේ. ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකට දීර්ඝ කරන්නැයි කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කොමිසමේ කාලය මෙලෙස දීර්ඝ කොට ඇත. 2015 පෙබරවාරී මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් …

Continue Reading

බැඳුම්කර කොල්ලයේ පාඩුව පියවන්න 28% ක බද්දක්

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩියෙන් සේවක අර්ථ සාධක අරමුදලට රුපියල් කෝටි 1,500ක් පාඩු කිරීමට අමතරව එම අරමුදලේ ආයෝජන ආදායමටත් එය රඳවා තබා ගැනීමටත් සියයට 28ක බද්දක් පැනවීමට රජය කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය අනාවරණය කරයි. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ආදායමට සියයට 14කුත්, එම අරමුදල රඳවා තබා ගැනීමේ බද්ද ලෙස සියයට 14කුත් යන ආකාරයට මෙලෙස …

Continue Reading