නිලංග දෑළ බණ්ඩාර වරදක් කර නැති ද?
නිලංග දෑල බණ්ඩාර යනු බොහෝ කාලයක සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර දරන්නා ය. ගිය වසරේ සැප්තැම්බර් පැවති දියවඩන නිලමේ තේරීමේ දී දෙවැනිවරටත් පත් වූ නිලංග දෑලට එම වරණයේ දී ද අල්ලස් ලබා දුන් බවට විවිධ චෝදනා එල්ල විය. ගිය වසරේ මැයි මාසයේ ඔහුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබිණ. දියවඩන නිලමේ ලෙස කටයුතු කිරීමේ දී බොහෝ දූෂණ හා …
Continue Reading
විරෝධතාවලට එරෙහි ප්‍රතිවිරෝධතා – අශිෂ්ටත්වය ඉදිරියට!
53 හර්තාලය මෙරට ඉතිහාසයේ ප්‍රකටත ම ජනතා නැගිටීම්වලින් එකකි. තවත් බොහෝ විරෝධතා එදා මෙදා තුර මෙරට ඇති විය. විවිධ ක්ෂේත්‍රයන්හි විවිධ ගැටලු, අර්බුද, අසාධාරණකම් අරබයා මෙලෙස විරෝධතා ඇති වීම සාමාන්‍ය දෙයකි. රාජ්‍යය නම් මර්දන උපකරණය ක්‍රියාත්මක වීමේ දී බොහෝ විට දුක් පීඩා, අසාධාරණයන් සිදුවන පාර්ශ්වයන් එයට එරෙහිව විරෝධතා පළ කරති. ඉල්ලීම් දිනා ගනිති. මැයි දිනය ඇති වීමට හේතු වුණු, ඇමරිකාවේ …
Continue Reading
පුරවැසි බලයෙන් රජයට රතු එළි!
“පුරවැසි බලය” සංවිධානය යනු මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා යහපාලනය නමින් හැඳින්වෙන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා බොහෝ මහන්සි වී වැඩ කළ සිවිල් ජනතා එකමුතුවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ආණ්ඩු පෙරලි සංක්‍රාන්ති කාලයේ මෙම සිවිල් පුරවැසි එකතුවකින් සැදි සංවිධානය තම අදහස කියමින් රැස්වීම් තබමින් රටේ සෑම තැනක ම පාහේ ගියෝ ය. කෙසේ වෙතත්, රටේ වර්තමාන තත්වය පිළිබඳව අදහස් දක්වන්නට …
Continue Reading
යහපාලනයට එක් වූ ඇමැතිලා ගැන පරීක්ෂණ ප්‍රමාද ඇයි?
පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේ දී දේශප්‍රේමිත්වය මනින න්‍යායක් භාවිත විය. එම න්‍යාය නම්, කිසිදු කොන්දේසියකින් තොරව මහින්දලාගේ දුර්දාන්ත පාලනයට එකඟ නම් ඔවුන් දේශප්‍රේමි වන අතර එකී පාලනයට කිසිදු අයුරකින් හෝ විරෝධය දක්වන්නෙක් වේ නම් ඔහු දේශද්‍රෝහියෙක් වීම යි. දැනුදු මෙවැනි ම තත්වයක් උද්ගත වී ඇති බව පෙනී යයි. එනම් යහපාලන ආණ්ඩුව හා එක්වුණු සහ එයින් වරදාන, වරප්‍රසාද-ඇමැතිධුර ලබාගත් අයට …
Continue Reading
කිරිඇල්ල දැන් ඔයා ගෙදර යන්න!
විශ්ව විද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීමට ලියුමක් ගැසූ විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහමාර්ග ඇමැතිවරයා එය සාධාරණීකරණය කරන්නට නැටූ නැටුම් අතර මාධ්‍යවේදියෙකු ඇමතීමේ දී භාවිතා කළ අශිෂ්ට භාෂාව දැන් බොහෝ අයගේ විවේචනයට ලක් ව තිබේ. යහපාලනයක් උදා කරගැනීමට බොහෝ දෙනා දර-දිය අදිනු ලැබුවේ උද්දච්ච මිනිසුන්ට ඇමැතිකමේ හයියෙන් මහින්ද ක්‍රමය ඉදිරියට ගෙනයන්නට නොවේ. අලුත් ම ප්‍රවෘත්තිය නම්, මෙකී කිරිඇල්ල රජරට විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාට නිකුත් කර …
Continue Reading
යහපාලනය ඇමැති අකිලගේ රෙද්ද පල්ලෙන් බේරෙයි!
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිය ඇමැතිකම හරහා දේශපාලන සංග්‍රහය බරපතල ලෙස දියත් කර ඇතැ යි දැනගන්නට ඇත. තම දේශපාලන අරමුණු වෙනුවෙන් යහපාලන සංකල්පයට කිසිසේත් ම නොගැලපෙන ආකාරයට පත්වීම් 2000ක් පමණ රටපුරා ලබා දීමට මේ ඇමැතිවරයා ක්‍රියා කර ඇති බවට වෘත්තීය සමිති ව්‍යාපාර චෝදනා කරයි. ජාතික පාසල් සඳහා වන පත්වීම් තමා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ …
Continue Reading
රන්ජන් පිරිමි ගණිකාවක් ද?
රන්ජන් රාමානායක බොහෝ වැර වෑයමෙන් රංගනයට පිවිසි අයෙකි. මෙරට සිනමාව තුංග යෝධයෙක් සේ ම සිංහල සිනමාවේ සදාකාලික සිහින කුමරා ද වූ විජය කුමාරතුංගගේ සෙවනින්, උදවුවෙන්, දුර නෑකමෙන් සිනමාව වෙත එක් වූ රන්ජන් රාමනායකට කිසිදා සිනමාවේ දී විජය කුමාරතුංග කෙනෙක් වන්නට නොහැකි විය. තමිල්නාඩු සිනමාපටයකට සමාන වන්ෂොට් නම් සිනමාපටයක් නිර්මාණය කළ රන්ජන් එහි එන චරිතයට ගිලී ගොස් ඒ ඔස්සේ දේශපාලනයට ආවේ …
Continue Reading
ජාතික සේවක සංගමයට සාධාරණයක් නැති ලු!
ජාතික සේවක සංගමය යනු එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිති පෙරමුණ යි. වසර 15ක පමණ ශ්‍රී.ල.නි.ප ප්‍රමුඛ සන්ධානය විසින් පාලනය කරන ලද රජයන් පැවති බැවින් එකී සේවක සංගමයට බොහෝ අසාධාරණකම් වුණු බව ඔවුහු පවසති. රාජපක්ෂ රජය වෙත සහය නොදැක්වීමේ හේතුවෙන් මේ සේවක සංගමයේ සාමාජිකයන්ට තම ආයතනයේ උසස්වීම් ආදිය කප්පාදු වී තිබුණු බවත්, උසස්වීම් තබා මේසයක් පුටුවක් ලබා ගැනීමත් එකල මහ අමාරු …
Continue Reading
හිරුනිකා ඔයා කවුද?
හිරුනිකා පේමචන්ද්‍ර මෑත දී දේශපාලනයට ආ නිරූපිකාවකි. දැනුදු ඇය නිරූපිකාවකට වඩා වෙනස් නැත. නිරූපණය කරන දේවල් ටිකක් වෙනස් වී ඇති බව සැබෑ මුත් වැඩේ එක ය. ඇය පසුගිය දවසක තරුණයෙක් පැහැරගෙන යාමේ චෝදනාවට ඇප පිට නිදහස්ව සිටින්නී ය. ඇය අත්අඩංගුවට ගත් පොලිසියේ නිලධාරින් ඇයව ගෙන ගියේ ගමේ ජෙමයියා, සිමයියා කෙහෙල් කැණක් හොරාට කැපූ විට අල්ලාගෙන යන තාලයට නම් නොවේ. මඟුල් …
Continue Reading
ලක්ෂ 15ක මාසික වැටුපකට ඔට්ටු වෙන සභාපති කවුද?
තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා තම වැටුප රුපියල් ලක්ෂ 15ක් කරගැනීමට බරපතල සටනක නියැලී සිටින බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලෝක වෙළඳපලේ ඉන්ධන කෙතරම් මිල අඩු වුව ද එහි සහනය ජනතාවට බිංදුවක්වත් ලැබුණේ නැත. ඒ මදිවාට එහි සේවක අතිරික්තය ද විශාල ගණනක් බව දැනගන්නට ඇත. මේ අතර තෙල් සංස්ථාවේ වත්මන් සභාපති ටී.ජී ජයසිංහ නමැති අය තම වැටුප ලක්ෂ 15ක් …
Continue Reading