හිරුනිකා ඔයා කවුද?

Spread the love

Hirunika

හිරුනිකා පේමචන්ද්‍ර මෑත දී දේශපාලනයට ආ නිරූපිකාවකි. දැනුදු ඇය නිරූපිකාවකට වඩා වෙනස් නැත. නිරූපණය කරන දේවල් ටිකක් වෙනස් වී ඇති බව සැබෑ මුත් වැඩේ එක ය. ඇය පසුගිය දවසක තරුණයෙක් පැහැරගෙන යාමේ චෝදනාවට ඇප පිට නිදහස්ව සිටින්නී ය. ඇය අත්අඩංගුවට ගත් පොලිසියේ නිලධාරින් ඇයව ගෙන ගියේ ගමේ ජෙමයියා, සිමයියා කෙහෙල් කැණක් හොරාට කැපූ විට අල්ලාගෙන යන තාලයට නම් නොවේ. මඟුල් දා මනාලිය පෝරුවට ගෙන යන මාමණ්ඩිය මෙනි.

කෙසේ වෙතත්, අැය සිතා සිටින්නේ ආණ්ඩු මාරුවෙන් පසුව තමන් අධිකරණයට වඩා ඉහළින් බව ය. ඊයේ(29) දිනයේ සිය පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය ගැන වන නඩුවට පැමිණි ඇය, අධිකරණයට කිසිදු ගරු කිරීමකින් තොරව අැතුල් වී වාඩි වුණු අතර විනිසුරු අැයට අවවාද කළේ මෙය උසාවියක් බවත් ගරු නොකළහොත් දඬුවම් කරන්නට වන බවත් කියමිනි. උසාවියේ හැසිරීම ගැන නොදන්නේ නම් ඇය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට සුදුසු වන්නේ කෙළෙස ද? (අපට අනුව නම් ඇය කිසිසේත් ම පාර්ලිමේන්තුවට සුදුසු නැත)

හිරුනිකා ඔයාගෙ හැසිරීම දුමින්දගෙ හැසිරීමෙන් වෙනස් වෙන්නෙ නැහැ නේ ද?

RSL

Related Posts