ලක්ෂ 15ක මාසික වැටුපකට ඔට්ටු වෙන සභාපති කවුද?

Spread the love

ceypetco

තෙල් සංස්ථාවේ වත්මන් සභාපතිවරයා තම වැටුප රුපියල් ලක්ෂ 15ක් කරගැනීමට බරපතල සටනක නියැලී සිටින බව රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ලෝක වෙළඳපලේ ඉන්ධන කෙතරම් මිල අඩු වුව ද එහි සහනය ජනතාවට බිංදුවක්වත් ලැබුණේ නැත. ඒ මදිවාට එහි සේවක අතිරික්තය ද විශාල ගණනක් බව දැනගන්නට ඇත.

මේ අතර තෙල් සංස්ථාවේ වත්මන් සභාපති ටී.ජී ජයසිංහ නමැති අය තම වැටුප ලක්ෂ 15ක් කරගැනීමට වලිකමින් සිටින බව දැනගන්නට ඇත. සාමාන්‍යයෙන් සභාපති ධුරය දේශපාලන පත්වීමකි. එමෙන් ම මෙහි උපරිම වැටුප් සීමාව රුපියල් ලක්ෂ 3කට වැඩි වන්නේ නැත. සභාපතිවරයාගේ මේ මිලියන එකහමාරේ මාසික වැටුප් ඉල්ලීම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකු අනුමත කොට මහභාණ්ඩාගාරයට යැවීමෙන් පසුව ය අනුමත වන්නේ. මෙහි දී නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා මෙය ප්‍රතික්ෂේප කර ඇති බැවින් නව අයෙක් ඒ සඳහා බඳවා ගැනීමට සභාපතිවරයා විසින් පුවත්පත් දැන්වීම් පළ කර ඇත. නවක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙක් හරහා තම සිතැඟි ඉටු කර ගැනීම ඔහුගේ අරමුණ බවට සැකයක් නැත.

වගකිව යුතු අංශ මේ ගැන සොයා බලා කටයුතු කළ යුතු ය!

RSL

Related Posts