යහපාලනය ඇමැති අකිලගේ රෙද්ද පල්ලෙන් බේරෙයි!

Spread the love

akila

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිය ඇමැතිකම හරහා දේශපාලන සංග්‍රහය බරපතල ලෙස දියත් කර ඇතැ යි දැනගන්නට ඇත. තම දේශපාලන අරමුණු වෙනුවෙන් යහපාලන සංකල්පයට කිසිසේත් ම නොගැලපෙන ආකාරයට පත්වීම් 2000ක් පමණ රටපුරා ලබා දීමට මේ ඇමැතිවරයා ක්‍රියා කර ඇති බවට වෘත්තීය සමිති ව්‍යාපාර චෝදනා කරයි.

ජාතික පාසල් සඳහා වන පත්වීම් තමා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කයේ විවිධ ආසනවල හෙංචයියන් වෙනුවෙන් ලබා දීමට ඇමැතිවරයා කටයුතු කර ඇති අතර ඒවා සියල්ල ආයතන සංග්‍රහයට පටහැනි ලෙස, විධිමත් පටිපාටියකින් තොරව, සම්මුඛ පරීක්ෂණ හෝ විභාග කිසිවකින් තොරව ලබා දී ඇති බව වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.

මහින්ද රෙජිමය පරාජය කර ගෙදර යවනු ලැබුවේ මෙවැනි අකටයුතුකම්වලට එරෙහි ජනතාව විසිනි. නැවතත් එවැනි ම දූෂිතයන් සහ එවැනි ම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නම් එම වෙනසින් ඇති වැඩක් නැත.

RSL

Related Posts