කිරිඇල්ල දැන් ඔයා ගෙදර යන්න!

Spread the love

kiriella 3

විශ්ව විද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීමට ලියුමක් ගැසූ විශ්වවිද්‍යාල අධ්‍යාපන සහ මහමාර්ග ඇමැතිවරයා එය සාධාරණීකරණය කරන්නට නැටූ නැටුම් අතර මාධ්‍යවේදියෙකු ඇමතීමේ දී භාවිතා කළ අශිෂ්ට භාෂාව දැන් බොහෝ අයගේ විවේචනයට ලක් ව තිබේ. යහපාලනයක් උදා කරගැනීමට බොහෝ දෙනා දර-දිය අදිනු ලැබුවේ උද්දච්ච මිනිසුන්ට ඇමැතිකමේ හයියෙන් මහින්ද ක්‍රමය ඉදිරියට ගෙනයන්නට නොවේ.

අලුත් ම ප්‍රවෘත්තිය නම්, මෙකී කිරිඇල්ල රජරට විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාට නිකුත් කර ඇති ලිපියක් සම්බන්ධව යි. එහි දී කිරිඇල්ල ඇමැතිවරයා දක්වා ඇත්තේ තමා නම් කර එවන තැනැත්තියගේ වයස සීමාව නොසලකා ඇය විශ්වවිද්‍යාලයේ තනතුරකට ඇතුල් කරගන්නා ලෙස යි. මෙය බරපතල වරදක් බව කියන්නට කෙස් පැලෙන තර්ක අවශ්‍ය නොවේ.

ඇමැති කිරිඇල්ල අමාත්‍ය ධුරයෙන් ඉවත්කර මේ යහපාලනය බව අගමැතිවරයා ජනතාවට ඔප්පු කළ යුතු ය.

RSL

Related Posts