“මාධ්‍යවේදීන් යනු පෑන *** ගහගෙන ඉන්න අය යි!” – ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල

ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රාථමික අධ්‍යාපනයක්වත් ලබා ඇත් දැ යි සැක හිතෙන තරම ය. තම එක ම සුදුසුකම කට වාචාලකම යැ යි බොහෝ විට පෙන්වා ඇති ලක්ෂ්මන් කිරිඇල්ල විශ්වවිද්‍යාලයට කථිකාචාර්යවරයෙක් බඳවා ගැනීම වෙනුවෙන් ලිපියක් නිකුත් කර තම තවත් නුසුදුසුකමක් පෙන්වා සිටියේ ය. ඇමැතිවරයා ඉල්ලා අස්විය යුතු යැ යි කියන්නට තරම් සමාජ මතය බලවත් වෙද්දී එය සාධාරණීකරණය කරන්නට නිවේදන නිකුත් කරන්නට ගොස් …

Continue Reading

ලක්ෂ 910ක ජනතා මුදලින් හැදූ අම්මගෙ-අප්පගෙ කෞතුකාගාරය!

මෙරට දේශපාලනය අනාදිමත් කාලය සිට පැවත එන්නේ ජනතාව මූලික කරගෙන නොව තමා මූලිකව සිතීමෙනි. ජනතා නියෝජිතායතනයකට පත් වෙන කවුරුන් හෝ පළමු මොහොතේ සිට තම පවුල ගොඩ දමාගන්නට වලිකෑම ඉහඳ ගසා ඇති රෝගයකි. මෙම රෝගය වඩාත් බරපතල ලෙස උත්සන්නව තිබූ කාල වකවානුවක් ලෙස මහින්ද රාජපක්ෂ පාලන කාලය හැඳින්විය හැකි ය. විශාල ප්‍රමාණයේ වැසිකිලියක් නිර්මාණය කළ ද එය තම නම දමා ගැනීමේ …

Continue Reading

ගහෙන් වැටුණු යෝෂිතට ගොනා අනියි!

අද(29) දිනයේ ද මුදල් විශුද්ධිකරණ සහ පොදු දේපළ පණත උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂට ඇප ලැබුණේ නැත. ඇප මත මුදාහැරීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම අද (29)කැඳවූ අවස්ථාවේදී අධිකරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ, ඇප ලබා දීමට එරෙහිව රජයේ නීතිඥවරයා දැක් වූ කරුණු සැලකිල්ලට ගනිමිනි. මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ‍සිදුකරනු …

Continue Reading

මෙවැනි රටකට නොවෙද ඉර හඳ පායන්නේ?

කුලියාපිටිය යනු ශ්‍රී ලංකාවේ එක්තරා ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ සියලු ම දේවල් පාහේ කේන්ද්‍රව ඇති කොළඹ සිට කුලියාපිටියට ඇත්තේ යාන්තම් කිලෝමිටර් 80ක් පමණ දුරකි. එහි වෙසෙන එක්තරා මවකට සිය දරුවා පෙරපාසල් අධ්‍යාපනයෙන් පසුව පාසලක ඇතුළත් කරගැනීමට නොහැකි ව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කරන ලද බව වාර්තා විය. දැනටමත් බොහෝ අය දන්නා පරිදි ටික කලෙකට ඉහත දී මේ දරුවාගේ පියා හදිසියේ …

Continue Reading

මෙසේ ද සිදු විය!

කාලය සහ අවකාශය විසින් සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙතැ යි දාර්ශනිකයෙක් පැවසුවේ ය. කාලය විසින් මවන වෙනස පිළිබඳ ව බොහෝ කලා නිර්මාණවල අඩංගුවන අතර අප මේ කියන්නට යන්නේ, දේශපාලනය තුළ කාලය මැව් වෙනසක අරුමය යි. මහින්ද රාජපක්ෂ රජයේ සිටි නීලකාස හොරුන්, ඝාතකයන්, ස්ත්‍රී දූෂකයන්, පගා මරුවන්, ජනතා පීඩාකාරී කාර් රේස් කරුවන් ගැන කවුරුත් දනිති. තාජුඩීන් ඝාතනය මිනීමරුමක් බව කියන්නේ දැන් ය. …

Continue Reading

ඕනෑ ම ගොනෙකුට විශ්වවිද්‍යාල ඇදුරෙක් විය හැකි ය!

ශ්‍රී ලංකාණ්ඩුවේ ඇමැතිවරු කාලයක සිට ලියුම් දෙති. තරුණ වයසේ පසුවන අය ලිපි හුවමාරුව අවසන් කර දැන් කාලයක් ගත වී ඇතත් ඇමැතිවරු එය අවසන් කර නැත. තමන්ට කඩේ ගිය මෝඩ ජනතාව රස්සාවල් ඉල්ලා ගෙදරට එද්දී, නොයෙක් රස්සාවල් ලබා දෙන්නැයි කියා ලියුම් ගැසීම ඇමැතිවරුන්ගේ සාමාන්‍ය සිරිත යි. නාමල් රාජපක්ෂ විශ්වවිද්‍යාලට ළමයෙක් ඇතුල්කරන්නට ද ලියුමක් දී තිබුණි. දැන් එහි දෙවැනි සංස්කරණය නිකුත් වී …

Continue Reading

හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ?

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව අපි හෙළි කළෙමු. අද දිනයේ දළදා වහන්සේ වන්දනා කිරීමට ගිය හිටපු ජනපති මහින්ද මාධ්‍ය ඇමතුවේ ය. එහි දී ඔහු පැවසුවේ, මෙලෙස බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන අවසානයේ දී තමා ව ද අත්අඩංගුවට ගනු ඇති බව යි. එහි දී ඔහු නාම ලේඛනයක් කියා ගෙන ගියේ ය. එනම්, මේ අයුරින් …

Continue Reading

සතිඅග සළරුව – Room (2015)

වසර පහක මුලු ජීවිත කාලයට ම බාහිර ලොවක් නොදැන සිටි දරුවෙක්. තමන් වත් තම දරුවා වත් සිරකර සිටින අඩි දහයයි දහයේ කුටිය තුළ සිය පුතු වෙනුවෙන් ලොවක් ගොඩ නඟන්නට වෙර දැරූ තරුණ මවක්. රූම් චිත්‍රපටය විටෙක අනුවේදනීය විටෙක උද්වේගය දනවන කතාවක් පමණක්ම නොවෙයි. ඇමෙරිකානුවන් හට එරට සමාජ ප්‍රශ්නයක් හා බැඳුණු යමක්ද වනවා. තරුණියන්ව පැහැරගෙන ගොස් වසර ගණන් කුඩා කාමර තුළ, …

Continue Reading

“මගෙ සුදු මාමණ්ඩිට බුද්ධං සරණේ සරණයි!”

ඉතාලියේ හිටපු තානාපති හේමන්ත වර්ණකුලසූරියට එරෙහිව පැවරූ මූල්‍ය වංචා නඩුවකට අදාළව ඔහු අත්අඩංගුවට ගැනීම සහ ඉදිරි ක්‍රියාමාර්ග සඳහා නීතිපති වෙත යොමු කර ඇති ලිපිගොනුව කලක් තිස්සේ එහි නැවතී තිබෙන බවට වාර්තා වෙයි. හේමන්ත වර්ණකූලසූරියට එරෙහිව යූරෝ 93,313.08ක් එනම් රුපියල් ලක්ෂ 12කට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ නඩුව පවරා ඇති අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගණකාධිකාරිවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප …

Continue Reading

නාටක මාරයි! පොලිසිය හමාරයි!

මෙම පුවතට “පොලිසියේ රෙදි ගැලවෙයි” යනුවෙන් සිරසක් යොදන්නට සිතා නැවත් එම සිතිවිල්ල වෙනස් කරගත්තේ පොලිසියට රෙද්දක් තිබෙනවා ද යන පැනය නිසා ය. එක්තරා රූපවාහිනි නාලිකාවක විකාශය වන විකට වැඩසටහනකට පොලිස් නිල ඇඳුම්වලට සමාන ඇඳුම් යොදාගෙන රඟපෑම් කිරීම මඟින් පොලිසියට අපකීර්තියක් වූයේ යැයි කියමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර විසින් ඔවුන්ට එරෙහිව පවරා තිබූ නඩුවකින් විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරනු ලැබීය. …

Continue Reading