හිටපු ජනපති මහින්ද අත්අඩංගුවට ?

Spread the love

mahinda-lose

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බව අපි හෙළි කළෙමු. අද දිනයේ දළදා වහන්සේ වන්දනා කිරීමට ගිය හිටපු ජනපති මහින්ද මාධ්‍ය ඇමතුවේ ය. එහි දී ඔහු පැවසුවේ, මෙලෙස බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන අවසානයේ දී තමා ව ද අත්අඩංගුවට ගනු ඇති බව යි. එහි දී ඔහු නාම ලේඛනයක් කියා ගෙන ගියේ ය. එනම්, මේ අයුරින් ගියහොත් නාමල් රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ,විමල් වීරවංශ,රෝහිත අබේගුණවර්ධන,කුමාර වෙල්ගම ආදීන් ය. මේ සියල්ලන්ට ම බරපතල චෝදනා එල්ල වී ඇති අතර හිටපු ජනපතිවරයාගේ බළලා මල්ලෙන් එළියට පැන ඇති බව පැහැදිලි ය.

නාමල් රාජපක්ෂට තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බව ඍජුව ම චෝදනා එල්ල වෙයි. ගෝඨාභය රාජපක්ෂ කෙරෙහි මිග් යානා සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ බව අපට අමතක නැත. බැසිල් රාජපක්ෂ දිවි නැගුම අරමුදලේ මුදල් කෝටි ගණනක් අවභාවිතය ගැන වන චෝදනාවට ඇප පිට නිදහස්ව සිටින්නෙකි. විමල් වීරවංශ යනු ජනතා මුදලින් ඉදිකළ නිවාස තුට්ටු දෙකට තම ඥාතීන්ට ලබා දීමේ චෝදනාව සහ තම පක්ෂය ජනතා මුදලින් නඩත්තු කිරීමේ චෝදනාවට ඍජුව ලක් ව සිටින්නෙකි. රෝහිත අබේගුණවර්ධන වසර දෙකක් තුළ ලක්ෂ 400ක් උපයා ගත් ආකාරය ගැන අල්ලස් කොමිසමේ පරික්ෂණයක් පැවැත්වෙන අතර පළමු කැඳවීමේ දී රෝහිතව නයෙක් කෑවේ ය. වෙල්ගම සියයට 7% කොමිස් මුදලක් ගත් ආකාරය ගැන ලිඛිත සාක්ෂි පුවත්පත්වල පවා පළ විය.

ඉතින් මේ ලැයිස්තුව ම අත්අඩංගුවට ගත යුතු අය තමයි මහින්දයාණෙනි!

මහින්ද රාජපක්ෂ ද වරදක් කර ඇත්නම් අධිකරණය ඉදිරියට පැමිණවීමේ ඇති වරද කුමක් ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35-2 වගන්තිය ප්‍රකාරව ජනපති මුක්තිය ඇත්තේ ධුර කාලයේ දී පමණක් වන අතර හිටපු ජනපතිනි චන්ද්‍රිකා සම්බන්ධ වෝටර්ස් ඒජ් සිද්ධිය එයට පූර්වාදර්ශ සපයා ඇත. ඩීල් නැතිව යහපාලනය ක්‍රියාත්මක වන්නේ නම්, මහින්ද වැරදි කර ඇත්නම් මහින්ද අත්අඩංගුවට ගැනීමේ කවර වරද ද?

RSL

Related Posts