මෙසේ ද සිදු විය!

Spread the love

Namal divaina

කාලය සහ අවකාශය විසින් සියලු ප්‍රශ්නවලට විසඳුම් දෙතැ යි දාර්ශනිකයෙක් පැවසුවේ ය. කාලය විසින් මවන වෙනස පිළිබඳ ව බොහෝ කලා නිර්මාණවල අඩංගුවන අතර අප මේ කියන්නට යන්නේ, දේශපාලනය තුළ කාලය මැව් වෙනසක අරුමය යි.

මහින්ද රාජපක්ෂ රජයේ සිටි නීලකාස හොරුන්, ඝාතකයන්, ස්ත්‍රී දූෂකයන්, පගා මරුවන්, ජනතා පීඩාකාරී කාර් රේස් කරුවන් ගැන කවුරුත් දනිති. තාජුඩීන් ඝාතනය මිනීමරුමක් බව කියන්නේ දැන් ය. ජනතාව එය දැන සිටියේ ඔහු ඝාතනය කළ දා සිට ම ය. එහෙත්, මේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නට යද්දී කියන්නේ මේවා දේශපාලන පළිගැනීම් බව ය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සරත් ෆොන්සේකාගෙන් පළිගත් නිර්ලජ්ජිත ආකාරය හැමෙකාම දැන සිටි අතර ඔහු බලු කූඩුවට දැමූ හැටි මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ අවලස්සන ම අවස්ථාවකි.

මේ සමඟ පළ කර ඇති ඡායාරූපය බලන්න! ඔබට බොහෝ දේවල් සිහිවනු ඇති!

RSL

Related Posts