නිලංග දෑළ බණ්ඩාර වරදක් කර නැති ද?

Spread the love

nilanga-dala-bandara

නිලංග දෑල බණ්ඩාර යනු බොහෝ කාලයක සිට මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර දරන්නා ය. ගිය වසරේ සැප්තැම්බර් පැවති දියවඩන නිලමේ තේරීමේ දී දෙවැනිවරටත් පත් වූ නිලංග දෑලට එම වරණයේ දී ද අල්ලස් ලබා දුන් බවට විවිධ චෝදනා එල්ල විය. ගිය වසරේ මැයි මාසයේ ඔහුව මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවනු ලැබිණ.

දියවඩන නිලමේ ලෙස කටයුතු කිරීමේ දී බොහෝ දූෂණ හා වංචා, අකටයුතු සිදු කරනු ලැබූ බවට චෝදනා ලද නිලංග දෑල සම්බන්ධයෙන් කරනු ලැබූ චෝදනා පදනම් විරහිත ඒවා දැ යි අප බලධාරීන්ගෙන් විමසමු. නැතිනම්, ඔහුට සම්බන්ධ චෝදනා කෙරෙහි තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන්නේ ද නැද්ද යන්න මූල්‍ය අපරාධ කොට්ඨාසය රටට කිව යුතු ය.

RSL

Related Posts