අලුත් පරපුරේ සමනලීට සහ ඉන්ද්‍රචාපට වරෙන්තු

‘අලුත් පරපුර’ කලාකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී නොසිටි එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ඊයේ (31දා) විවෘත වරෙන්තු නිකුත් කළාය. මහේස්ත්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කළේ …

Continue Reading

මරාගෙන මැරෙන ඇඳුම් පිටුපස ගෝඨාභය! (Exclusive)

පසුගියදා උතුරේ නිවසකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් සොයාගැනීමත් එම සැලැස්ම පිටුපස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම සැලැස්ම ගෝඨාභය විසින් පසුගිය වසරේ මහ මැතිවරණ කාලසීමාව තුළ ඔහුට හිතවත් බුද්ධි අංශයේ කිහිපදෙනෙකු සමඟ සැලසුම් කොට තිබී ඇති අතර එහෙත් ඒ මොහොතේ එය ක්‍රියාත්මක කිරීම රාජපක්ෂ …

Continue Reading

නාමල්ගේ සමාගම්වල ගිණුම් පරික්ෂා කෙරෙයි!

ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. කන්සල්ටේෂන් නමින් හැඳින්වෙන සමාගම් දෙකෙහි අයිතිය ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බවත් ඒවායේ ගිණුම් පරික්ෂා කෙරෙන්නට යන බවත් දැනගන්නට ඇත. මෙම සමාගම් දෙකෙහි ගිණුම් පවත්වාගෙන යන බැංකු දෙකෙහි කළමනාකරුවන්ට මෙම සමාගම් වලටට අයත් බැංකු ගිණුම්වල තොරතුරු ලබා දෙන ලෙස අධිකරණය අද නියෝග කළේ ය. මෙම ගවර්ස් නමැති සමාගම විසින් හෙලෝ කෝප් නම් සමාගමේ මිලියන 125ක වටිනාකමකින් …

Continue Reading

කුමාර් ගුණරත්නම් වසරක් සිරගත කරයි!

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම්ට අද දින අධිකරණය විසින් වසරක සිරදඬුවමක් සහ රුපියල් 50000ක දඩයක් නියම කරන ලදී. ඒ වීසා නොමැතිව මෙරට රැඳී සිටිමින් දේශපාලන කටයුතුවල නිරත වීමේ චෝදනාවට වරදකරු කරමින් දෙන ලද තීන්දුවකට අනුව ය. 1988-89 වකවානුවේ ජ.වි.පෙ. දෙවැනි සන්නද්ධ අරගලය පසුභාගයේ මෙරටින් පළා ගිය කුමාර් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගත්තේ ය. ඒ නොයෙල් මුදලිගේ යන ව්‍යාජ නාමය භාවිත …

Continue Reading

හදිසි කාලසටහන් වෙනසින් දුම්රිය මගීහු අමාරුවේ!

අප වෙත වාර්තාවෙන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ධාවන කාලසටහන වෙනස් කර තිබේ. මෙම වෙනස් කිරීම නිසා දුම්රිය මගීහු අපහසුතාවන්ට ලක් වෙන බව දැනගන්නට ඇත. කළින් දැනුම් දීමකින් තොරව මෙසේ ධාවන වේලාවන් වෙනස් කිරීම නිසා පුරුදු පරිදි වෙනදා වෙලාවට දුම්රිය ස්ථානවලට පැමිණි මගීන්ට දැනගන්නට ලැබුණේ එක්කෝ තමා යන දුම්රිය පිටත්ව ගොස් ඇති බව හෝ එය පැමිණෙන්නට බොහෝ වේලාවක් ඇති බවයි. …

Continue Reading

අල්ලස්, දූෂණ, වංචා පරික්ෂණ ප්‍රගතිය ගැන කොමිසම කියයි!

පසුගිය කාලයේ සිදු වූ අල්ලස් ගැනීම්, දූෂණ සහ වංචා ආදිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත පැමිණිලි බොහෝ ගණනක් ඉදිරිපත් කරනු ලැබිණි. එම පැමිණිලි සම්බන්ධයෙන් තමන් ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳව එම කොමිසම දූෂණ විරෝධී පෙරමුණ වෙත සමාලෝචන වාර්තාවක් එවා ඇත. ඒ අනුව එම පෙරමුණ ඉදිරිපත් කරන ලද පැමිණිලි බොහෝ ගණනක් සම්බන්ධයෙන් විමර්ශන …

Continue Reading

හරීන්ගේ ගූගල් බැලූන් ප්‍රෝඩාවක්!

ඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය කාලයේ බොහෝ කතා පවත්වනු ලැබුවේ ගූගල් ලූන් බැලූන් ව්‍යාපෘතිය ගැනය. එය ඔහු විසින් ගූගල් බැලුමටත් වඩා පුම්බන ලද ලොකු කතාවක් බව හෙළිදරව් වෙයි. ගූගල් සමාගම විසින් ගුවන්ගත කරන එම බැලූන මගින් මුළු රට ම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් දෙනවා මෙන් කතා කළත් ඒ එක් බැලූනයකින් අන්තර්ජාල පහසුකම් ලබාගත හැක්කේ 400ක් පමණක් බවත් …

Continue Reading

ශිරන්තිගේ මාල!

මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවි හරහා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ විවිධ සේයාරූ ඇතුලත් ඡායාරූපයක් ප්‍රචාරය වෙයි. එහි දැක්වෙන්නේ, ඇය අවස්ථා තිස් ගණනක දී පැළඳ සිටින මාල ගැන සටහනකි. එහි දැක්වෙන පරිදි එක් අවස්ථාවකට ඇය එක් රන් මාලයක් පැළඳ සිටින බව පෙනේ. ඒවා ඉතා මිල අධික බව බැලූ බැල්මට පෙනේ. එම වෙබ් අඩවි හරහා ප්‍රශ්න කර ඇත්තේ, මෙතරම් මාල …

Continue Reading

මහින්ද කළ පෙර පව් යළි මහින්ද වෙත කැරකෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සෘජුවම සම්බන්ධකම් කියන ‘හෙල්පින් හම්බන්තොට’ දැවැන්ත මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, හිටපු අගවිනිසුරුවරුන් වන සරත් එන් සිල්වා, මොහාන් පීරිස් මහත්වරුන් ඇතුළු අගවිනිසුරුවරුන් කිහිප දෙනෙකු සහ නීතිඥවරුන් සිදු කළ බව කියන වංචා සහ දූෂණ …

Continue Reading

රට නැවතත් අඳුරට!

විදුලිබල අර්බුදය වඩාත් උග්‍ර අතට හැරී ඇතැ යි රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. ඊයේ වනවිට කැළණිතිස්ස බලාගාරයට අයත් තවත් ඩීසල් විදුලි ජනකයක් අක්‍රිය වී ඇත. ඒ මගින් ජාතික විදුලිබල පද්ධතියට ලැබුණු මෙගාවොට් 160ක පමණ ප්‍රමාණයක් අහිමි වී ඇති බව දැනගන්නට ඇත. මේ තත්වය මත ඉදිරියේ දී නැවත දවසට පැය 3 බැගින් විදුලි අත්හිටුවීම්වලට මුහුණ දෙන්නට ජනතාවට සිදුවනු ඇත. ජාතික …

Continue Reading