ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. කන්සල්ටේෂන් නමින් හැඳින්වෙන සමාගම් දෙකෙහි අයිතිය ඇත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට බවත් ඒවායේ ගිණුම් පරික්ෂා කෙරෙන්නට යන බවත් දැනගන්නට ඇත. මෙම සමාගම් දෙකෙහි ගිණුම් පවත්වාගෙන යන බැංකු දෙකෙහි කළමනාකරුවන්ට මෙම සමාගම් වලටට අයත් බැංකු ගිණුම්වල තොරතුරු ලබා දෙන ලෙස අධිකරණය අද නියෝග කළේ ය.
මෙම ගවර්ස් නමැති සමාගම විසින් හෙලෝ කෝප් නම් සමාගමේ මිලියන 125ක වටිනාකමකින් යුත් කොටස් මිල දී ගෙන ඇති බවත් එය මුදල් විශුද්ධිකරණ පනත යටතේ යටතේ විමර්ශනය කෙරෙන බවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග තොරතුරු හෙළි කරයි. මෙයට අදාළ පැමිණිල්ල 2015 දී ජ.වි.පෙ වසන්ත සමරසිංහ මහතා කරන ලද අතර එහි දක්වා ඇත්තේ නාමල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකුව සිටිමින් විවිධ වත්කම් උපයාගෙන ඇති බව මෙම පැමිණිල්ලේ සඳහන් ය.
Loading...