මරාගෙන මැරෙන ඇඳුම් පිටුපස ගෝඨාභය! (Exclusive)

Spread the love

Gotabaya-Rajapaksa3පසුගියදා උතුරේ නිවසකින් සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සහ උපකරණ තොගයක් සොයාගැනීමත් එම සැලැස්ම පිටුපස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින බවට ඉතා විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තාවේ. මෙම සැලැස්ම ගෝඨාභය විසින් පසුගිය වසරේ මහ මැතිවරණ කාලසීමාව තුළ ඔහුට හිතවත් බුද්ධි අංශයේ කිහිපදෙනෙකු සමඟ සැලසුම් කොට තිබී ඇති අතර එහෙත් ඒ මොහොතේ එය ක්‍රියාත්මක කිරීම රාජපක්ෂ රෙජීමය විසින් කල්දමා ඇත.

ඉන් අනතුරුව මෑතකදී යළි මෙම මරාගෙන මැරෙන ඇඳුම් ජවනිකාව රඟ දැක්වීම සඳහා වෙනම රහසිගත සාකච්ඡා වට කිහිපයක් ගෝඨාභයට ආරක්ෂක අමාත්‍යංශයේ සිට ඔත්තු සපයන සහචරයින් සමඟත් ඊට අවශ්‍ය දේශපාලන රංගනය සඳහා පොදු විපක්ෂයේ ‘කෝකටත් තෛල කල්ලිය’ සමඟත් සැලසුම් කොට ඇතැයි වාර්තාවේ.

ඒ අනුව සැමදා සුකොමළ දේශප්‍රේමී වීර කථා ගොතන ගම්මන්පිළ වෙනුවට රට බෙදන පෙඩ්‍රල් ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ පුරෝගාමීයා වූ හිටපු අමාත්‍යවරයෙකුත් වූ ජී.එල්.පීරිස්ට ලබාදීමට යෝජනා කර ඇත්තේ විමල් වීරවංශ විසින්ය. මෙය උතුරේ සිට වැල්ලවත්තට එන හැටි කියා දී ඇත්තේ එදා යුද්ධයට බියේ අමෙරිකාවට පලාගොස් යළි පැමිණ යුද සිතියම් ලෙස දුර සිට බලා ‘ගෝඨාස් වෝ’ වීරයා බවට පත්වුණු ගෝඨාභය රාජපක්ෂ විසිනි. ගෝඨාගේ තිර නාටකයට අනුව කලකට පසු ජී.එල්.පීරිස්ද කට උස්සා හත්පලේ ගාගෙන සෝදන ඉසවුව විමල් වීරවංශට භාරදී ඇත.

පසුගිය කාලය පුරාවටම මහින්ද, ගෝඨාභය සහ ඒකාබද්ධ විපක්ෂය විසින් මතුරන ලද ප්‍රධාන මාතෘකාව බවට පත්කොට තිබුණේ ජාතික ආරක්ෂාව යන්නයි. එය යථාර්තයක් බවත්, ජනතාව සහ රටේ ජාතික ආරක්ෂාව වත්මන් ජනාධිපතිවරයා සහ රජය අනතුරට හෙළා ඇති බව පෙන්වීමටත් මෙය ප්‍රබල අවිකර ගැනීම ගෝඨාගේ සැලැස්මේ මූලික ඉලක්කයක් බවට සැක මතුවේ.

ගෝඨාභය රාජපක්ෂ නොමැතිව මෙරට ජාතික ආරක්ෂාව වෙනකෙකුට පවත්වාගෙන යා නොහැකි බව පෙන්වීමටත්, ඔහු තරම් ජාතික ආරක්ෂාව ගැන දන්නා අයෙකු නොමැති බව පෙන්වීමට සහ තමා තරම් ඒ සඳහා කැපවූ අයෙකු නොමැති බව පෙන්වීමද ගෝඨාභයගේ මෙම සැලසුම් පිටුපස ඇති පරමාර්ථ අතර වන බව සඳහන්.

රාජපක්ෂ රෙජීමයේ පරාජයත් සමඟ මහා පරිමාණ දුෂණ වංචාවලට හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රධාන චූදිතයෙකු බවට පත්විය. එයින් මිදී පලායෑම සඳහා ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගිටම ජාවාරම්වලින් උපයාගත් මුදල් පොම්ප කරමින් විවිධ දේ සිදුකළද ඒ සියල්ලම ගඟට කැපූ ඉනි විය.

මේ වන විට ගෙල අසලටම සිරවී සිටින ගෝඨාභයගේ ඉතා සියුම් රහසිගත සැලසුම් රීඩ් ශ්‍රී ලංකා බුද්ධි තොරතුරු වෙත වාර්තා වී ඇති අතර ඒවා ක්‍රියාත්මක කරන තුරු සිට අප පහරදීමට බලාපොරොත්තුවන්නේ ගෝඨා අන්දවා ඔහුගේ කළු සල්ලි ටික ටික හෝ සෝදා හරින අයට ඒ සඳහා ඉඩ හසර ලබාදීමටය

Loading...

RSL

Related Posts