අලුත් පරපුරේ සමනලීට සහ ඉන්ද්‍රචාපට වරෙන්තු

Spread the love

aluth-parapura‘අලුත් පරපුර’ කලාකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධ නඩුව විභාගයට ගත් අවස්ථාවේ දී අධිකරණය හමුවේ පෙනී නොසිටි එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින රංගන ශිල්පිනි සමනලී ෆොන්සේකා සහ ගායන ශිල්පි ඉන්ද්‍රචාපා ලියනගේ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය ඊයේ (31දා) විවෘත වරෙන්තු නිකුත් කළාය.

මහේස්ත්‍රාත්වරිය මෙලෙස වරෙන්තු නිකුත් කළේ ‘මුලාවෙන් මිදෙමු’ යන මැයෙන් පසුගිය ජනාධිපතිවරණ සමයේ දී කුඹුක්ගැටේ නගරයේ දී ප්‍රසංගයක් පවත්වමින් සිටි අළුත් පරපුර කලාකරුවන් පිරිසකට පහර දුන් බවට වයඹ පළාත් සභා මන්ත‍්‍රී කමල් ඉන්දික මහතා ඇතුළු පිරිසකට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ඊයේ (31) යළි කැඳ වූ අවස්ථාවේදීය.

නඩු විභාගය ජූලි මස 21 වැනිදා යළි කැදවීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණයේදී බලපෙරළිය සඳහා විශේෂ දායකත්වයක් සිදුකරන ලද කණ්ඩායමක් ලෙස මෙම ‘අලුත් පරපුර’ හැදින්විය හැක.

Loading...

RSL

Related Posts