අප වෙත වාර්තාවෙන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ධාවන කාලසටහන වෙනස් කර තිබේ. මෙම වෙනස් කිරීම නිසා දුම්රිය මගීහු අපහසුතාවන්ට ලක් වෙන බව දැනගන්නට ඇත.
කළින් දැනුම් දීමකින් තොරව මෙසේ ධාවන වේලාවන් වෙනස් කිරීම නිසා පුරුදු පරිදි වෙනදා වෙලාවට දුම්රිය ස්ථානවලට පැමිණි මගීන්ට දැනගන්නට ලැබුණේ එක්කෝ තමා යන දුම්රිය පිටත්ව ගොස් ඇති බව හෝ එය පැමිණෙන්නට බොහෝ වේලාවක් ඇති බවයි. ඉතා කුඩා දැන්වීමක් දුම්රිය ස්ථානවල මේ ගැන දැනුවත් කර අලවා තිබුණ ද එහි සටහන්ව ඇත්තේ දුම්රිය අංකය බැවින් අදාළ දුම්රිය ගැන විමසන්නට දුම්රිය ස්ථානාධිපතිවරයාම හමු විය යුතු වූ බව මගීහු චෝදනා කරති.
මෙවැනි කටයුත්තක් කිරීමේ දී කල් තියා ජනතාව දැනුවත් කිරීම ගැටලු අවම කරන්නට හේතු වනවා සේම ජනතාව අපහසුතාවට පත්වීම ද බොහෝ අඩුවනු ඇත.
Loading...