හරීන්ගේ ගූගල් බැලූන් ප්‍රෝඩාවක්!

Spread the love

Harin-Fernandoඩිජිටල් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් පසුගිය කාලයේ බොහෝ කතා පවත්වනු ලැබුවේ ගූගල් ලූන් බැලූන් ව්‍යාපෘතිය ගැනය. එය ඔහු විසින් ගූගල් බැලුමටත් වඩා පුම්බන ලද ලොකු කතාවක් බව හෙළිදරව් වෙයි.

ගූගල් සමාගම විසින් ගුවන්ගත කරන එම බැලූන මගින් මුළු රට ම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් දෙනවා මෙන් කතා කළත් ඒ එක් බැලූනයකින් අන්තර්ජාල පහසුකම් ලබාගත හැක්කේ 400ක් පමණක් බවත් වාර්තා වෙයි. මෙම ගූගල් ලූන් ව්‍යාපෘතිය හරහා මුළු ලංකාව තුලම උඩු ගුවනට එක්කරන්නේ බැලූන් 15ක් වන අතර ඒ අනුව එමඟින් ඉන් එක්වරට අන්තර්ජාලයට සම්බන්ධ විය හැක්කේ 6000 ක් වැනි ප්‍රමාණයකටය. හෙට දින යොවුන් පුරය වැඩසටහනේ දී ගුවන්ගත කරන්නට හදන්නේ එවන් බැලුනයකි.

මේ සඳහා මේ වන විට විශාල ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කර ඇති අතර හරීන්ගේ බැලුන් සෙල්ලම එවැනි එකකි.

RSL

Related Posts