රන්ජන් දන්න අපි නොදන්න කොකේන් ගහන මැති ඇමැතිවරු

මේ වනවිට අප රට කුඩු බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. දේශපාලනඥයන්ගේද ආශිර්වාද මැද වෙලේ සුදාලා, මධුෂ්ලා ඇතුළු පාතාල නායකයන්ට රිසි සේ වැඩෙන්නට ඉඩහැරීම තුළ මේ කුඩු ව්‍යාපාරය තව තවත් වර්ධනය විය. අපේ රටට ඇතැම් අවස්ථාවලදී කුඩු ගෙන එනු ලබන්නේ ධීවර බෝට්ටු මගිනි. පසුගිය කාලයේදී බ‍්‍රසීලයේ සිට මෙරටට ගෙන්වූ සීනි කන්ටේනර් තුළද කුඩු කිලෝ ගණනින් තිබී අත්අඩංගුවට ගනු ලැබීය. මීට අමතරව …

Continue Reading

දමිළ ජනතාවට තවමත් පූර්ණ නිදහස ලැබී නෑ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කොටගෙන ඇති යෝජනාව ක්‍රියාත්මක කිරීම නතර කර ගැනීමට දෙමළ ජාතික සන්ධානය කිසිවිටෙකත් ආණ්ඩුවට සහාය ලබාදෙන්නේ නැති බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙක්කලනාදන් පැවැසීය. ඔහු මේ බව පැවැසුවේ පසුගියදා මඩකළපුවේදී පැවැති එම පක්ෂ තරුණ සමුළුව අමතමිනි. එහිදී මන්ත්‍රිවරයා මෙසේද කීය. දෙමළ ජනතාවට තවමත් සම්පූර්ණ නිදහස ලැබී නැහැ. …

Continue Reading

අපේ ආණ්ඩුව හොරකම් කලාට මීනී මරන්නේ නෑ.. පැහැරගන්නේ නෑ..

වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුනත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා , “රටේ තරුණ පිරිස බලාපොරොත්තු සමුදායක් මැද ජීවත් වෙනවා. ඇතැම් තරුණ තරුණියන් …

Continue Reading

මෛත්‍රී හදිසියේම ජනාධිපතිකම අතහරින්න තීරණය කරයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමඟ වූ වැඩසටහනකදී එම වැඩසටහන මෙහෙය වූ නිවේදකයා විසින් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සලකා පෞද්ගලික ජීවිතයේ අතිශය සංවේදී තොරතුරු පවා ඇසීමේ විශේෂ අවස්ථාවක් පැය 02ක කාලසීමාවකට යටත්ව ලබාදී තිබේ. ඒ හිරු ගුවන් විදුලිය විකාශනය කළ “හිතක මතක” වැඩසටහනේදී වන අතර එහිදී ජනාධිපතිවරයා තමාගේ රුචි අරුචිකම් මෙන්ම …

Continue Reading

දේශපාලනයේ ජාතිවාදී ගිනි වහා ඇවිලෙන සුළු මොහොතක..!

පසුගියදා මහනුවර නගරයේ තට්ටු ගොඩනැගිල්ලක අනපේක්ෂිත අයුරින් ඇතිවූ ගින්න මේ වන විට මුළු රටේ ම කාගේත් කතාබහට ලක්වූ සිදුවීමක් වී හමාරය. ඊට හේතුව එය ගින්නක් නිසාම නොවේ. එම ගින්න හරහා මතුවූ මනුෂ්‍යත්වයේ කතාව නිසාය. එසේම පියකු තම දරුවන් හා භාර්යාව බේරා ගැනීමට කළ ජීවිතයත් මරණයත් අතර වික‍්‍රමාන්විත සටන නිසාය. මෙම ගින්නට ගොදුරු වූ ද්‍රවිඩ ජාතික පවුල බේරාගැනීමට බිම සිට එකමුතුව …

Continue Reading

අපි රනිල්ට සහාය දුන්නේ පිනට නොවෙයි.. පොරොන්දු ගණනාවක් මතයි.. ව්‍යවස්ථාව ඉන් එකක්!

අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට සහය දෙමින් එජාප ආණ්ඩුවක් වෙනුවෙන් එක් වූයේ පිනට නොව අපගේ ඉලක්ක සහ අවශ්‍යතා ඉටුකරගැනීමට බවත්, ව්‍යවස්ථාව ඉන් එකක් බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් පවසයි. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ, ‘අගමැතිවරයාට විශ්වාශය පලකිරීමේ යෝජනාව …

Continue Reading

අමාත්‍යංශයට ඇවිල්ලා සුරුට්ටුවක් ගහලා රටක ආර්ථිකය ගොඩගන්න බැහැ; අපි පක්ෂයත්, රටත් ගොඩගන්න නොසැලී කැපවෙනවා

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද…? පක්ෂය මාරු කරනවද…? යනාදී දහසක් ප‍්‍රශ්න මෑතක සිට ඔහු සම්බන්ධයෙන් මතුවී ඇත්තේ, ඔහු නගන සමහර ප‍්‍රකාශ නිසාය. විදුලිබල, බලශක්ති, සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවින්ද්‍ර සංදේශ් කරුණානායක මහතා සමග දිවයින ඉරිදා සංග‍්‍රහය සිදු කරන ලද මේ සාකච්ඡාව. එජාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව සිදු කරනා හෙළිදරව්වක් වැනිය. ප‍්‍රශ්නය – 2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙක් අවශ්‍යයි කියලා, එ.ජා.ප.ය අභ්‍යන්තරයේ අරගලයක් කරපු චරිතයක් …

Continue Reading

‘ත්‍රිපිටකය’ ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුමක්!

සිංහල බෞද්ධ සහ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම අතිඋතුම් පාර්ශුද්ධ ග්‍රන්ථය වූ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත “ත්‍රිපිටකය” ජාතික උරුමයක් බවට පත්කිරීමේ සැලසුම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන බවට වාර්තාවේ. අද දවසේ ලංකාවේ අප සතුව ඇති පාලි ත්‍රිපිටකය මේවනවිට ලෝකයේ සිදු ව ඇති ශ්‍රාස්ත්‍රිය පර්යේෂණ වලට අනූව මුල් බුදුදහම විශ්වසනීය ලෙස නියෝජනය කරන්නක් බව සැලකිය හැකි ය. ත්‍රිපිටකයේ කුඩා ම …

Continue Reading

අගමැතිකම ඉල්ලාගත් රනිල් මාධ්‍යයට දැමූ තඟ සහ මහින්ද ආණ්ඩුවට දැමූ රතු එළිය

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති මෙන්ම වත්මන් විපක්ෂ නායකවරයාත් පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද අනතුරු ඇඟවීම් 2ක් සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන ක්‍ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ක්‍ෂේත්‍රයේද බොහෝ දෙනකුගේ අවධානයට ලක්ව තිබේ. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා අනතුරු ඇඟවීමක් කළේ ඇතැම් මාධ්‍යයන්ටය. මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා අනතුරු ඇඟවීම කළේ වත්මන් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවටය. අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී තමා ජනාධිපතිවරයාට …

Continue Reading

කොට අදින අලි සහ ගොටු සිඹින කොටලුවෝ

වසර ගණනාවකට පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිහිටෙන් තම ආණ්ඩුවක් අටවාගැනීමට සමත් වූ එක්සත් ජාතික පක්ෂයට පසුගිය ඔක්තෝම්බර් මස 26 වනදා නොසිතූ මොහොතක එම ආණ්ඩුවද අහිමි වී ගියේය. උදා වූ දේශපාලන තත්වය අනුව එජාපයට යළි ආණ්ඩුවක් ගැනීම සැබැවින්ම සිහිනයක්ම විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එකිනෙකා අග්‍රමාත්‍යධුරයට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයට සහය දැක්වීමට එක්වෙමින් සිටියහ. එක්සත් ජාතික පක්ෂයට රිංගා ගෙන එය …

Continue Reading