මෛත්‍රී හදිසියේම ජනාධිපතිකම අතහරින්න තීරණය කරයි

Spread the love

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවක් සමඟ වූ වැඩසටහනකදී එම වැඩසටහන මෙහෙය වූ නිවේදකයා විසින් කළ ඉල්ලීමකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඔහුව සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස සලකා පෞද්ගලික ජීවිතයේ අතිශය සංවේදී තොරතුරු පවා ඇසීමේ විශේෂ අවස්ථාවක් පැය 02ක කාලසීමාවකට යටත්ව ලබාදී තිබේ.

ඒ හිරු ගුවන් විදුලිය විකාශනය කළ “හිතක මතක” වැඩසටහනේදී වන අතර එහිදී ජනාධිපතිවරයා තමාගේ රුචි අරුචිකම් මෙන්ම අතිශය සංවේදී තොරතුරුද බෙදාහදාගෙන ඇත.

අධිකරණයට පවා විධායක ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමේ අවස්ථාවක් නොමැති අතර, ජනාධිපතිවරයෙකුගේ පෞද්ගලික මෙන්ම අතිශය සංවේදී ප්‍රශ්න ඇසීමේ අවස්ථාවද සාමාන්‍ය පුද්ගලයෙකුට හිමි නොවේ. ඒ සඳහා විශේෂ අවස්ථාවක් සහ අවසරයක් ලබාගත යුතු වන අතර එය මෑත ඉතිහාසයේ ජනමාධ්‍යවේදීන්ට අවස්ථා කිහිපයකදී ලබාදුන් රාජ්‍ය නායකයා මෙන්ම විධායක ජනාධිපතිවරයා බවට පත්ව ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.

මේ එම වැඩසටහනේදී නිවේදකයා විසින් අසන ලද ප්‍රශ්නවලට මෛත්‍රීපාල සිරිසේන තම ජනාධිපතිකම පැත්තකින් තබා ලබාදී ඇති පිළිතුරු සහ අදහස්ය.

RSL

Related Posts