එජාපයේ ඇමතිකම් වැඩකරගන්න ජාතික ආණ්ඩු යෝජනාවට පසුපෙළින්ම විරෝධය

Spread the love

ජාතික ආණ්ඩුවක් රටට අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ පවසයි.

මෙයින් බලාපොරොත්තු වන්නේ ඇමැති මණ්ඩලය වැඩිකර ගැනීම මිස අන් කිසිවක් නොවන බවද මන්ත්‍රිවරයා කීවේය.

මම විශ්වාස කරනවා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවක් අපට නෑ කියා. ජාතික ආණ්ඩුවක වගකීම සාමූහිකව එකතු වෙලා සාමූහිකව තීන්දු අරගෙන ජාතික වශයෙන් බලපාන තැනට අරන්යන්න. එහෙම නැතිව කවුරුහරි එක්කෙනෙක් දෙන්නෙක් එකතු කරගෙන ඉවරවෙලා ආණ්ඩුවක් පිහිටුවලා ඇමැති මණ්ඩලය වැඩිකර ගන්නවා නම් මම හිතන්නේ ඒක ජාතික ආණ්ඩු සංකල්පයක බලාපොරොත්තු වන කාරණාවක් නොවේ.

RSL

Related Posts