අකිල විරාජ්ගේ සැබෑ වෙනස මෙන්න!
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඉකුත් කාලය තුළ අධ්‍යාපන ක්ෂේත්රයේ දේශපාලන පත්වීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් ලබා දී ඇති බව වාර්තා වෙයි. දිවයින පුරා ජාතික පාසල්වලට ලබා දී ඇති මේ අනධ්‍යයන සේවක පත්වීම් සියල්ල ම පාහේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුද්ගලයන්ට ලබා දී ඇති බව වැඩිදුරටත් සොයා බැලීමේ දී පෙනී යයි. සමහර කම්කරු පත්වීම් ලද අයවලුන් දින කිහිපයකින් වෙනත් පාසලක රසායනාගාර සේවක ලෙස …
Continue Reading
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නි.ඇමැති බන්ධනාගාරගත වෙයිද?
පුවතට මෙවැනි සිරසක් යෙදුවාට චෝදනා ඔප්පු වී මෙවැන්නක් කිසිදා සිදුවේ යැ යි විශ්වාසයක් ඇත්තේ නැත. පසුගිය රජයේ සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා වූයේ වත්මන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න ය. ඔහු සිවිල් ගුවන්සේවා ඇමැති ධුරයේ සිටිය දී කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා ශ්‍රී ලංකන් එයාර් ගුවන් සමාගමේ සිදුව ඇත. බරපතළ මූල්‍ය අපරාධ සෙවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම ඊයේ ඔහුගෙන් ප්‍රශ්න …
Continue Reading
සෝලා පැනල් ප්‍රෝඩාවේ ගණිතමය තිත්ත ඇත්ත මෙන්න!
කඩදාසි කොළයක් අතට ගන්න. එය මැදින් දෙකට නමන්න. ලැබෙන කඩදාසිය නැවතත් දෙකට නමන්න. එය නැවතත් දෙකට නමන්න. මේ ආකාරයට කඩදාසි කොළය පිට පිට පනස්හය වතාවක් දෙකට නැමීමට ඔබට හැකිද? විශාල කඩදාසියක් තෝරාගතහොත් මෙය එතරම් අසීරු නැතැයි ඔබට සිතෙනු ඇත. එහෙත් එය අතිශයින්ම සාවද්‍ය සිතිවිල්ලකි. ඒසා විශාල කඩදාසියක් ඔබට කිසිදා සොයාගත නොහැකිවා පමණක් නොවේ. එවැනි කඩදාසියක් ගෙන එය පනස් හය වතාවක් …
Continue Reading
Cartoon: උදයගේ සදය සිනා
Continue Reading
රාජිතගේ රජ වැඩ!
ඖෂධ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරින්ට ඉල්ලා අස්වන්නැ යි රාජිත සේනාරත්න ඇමැතිවරයා බලපෑම් කර ඇතැයි වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත. ලොව අතිශය නිරනුකම්පීය ම සහ බරපතළ ම ජාවාරමක් වන්නේ ඖෂධ ජාවාරම යි. ඒ නිසාවෙන් ඖෂධ අධිකාරිය රටක ජන ජීවිතයට මහත් බලපෑම් කරන ආයතනයක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. රාජිත ඇමැතිවරයා මෙලෙස බලපෑම් කර ඇත්තේ …
Continue Reading
ලංකාපුත්‍ර බැංකුවට පොලු තැබූ දෙස්පාලන පුත්‍රයෝ කවුද?
ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව පිහිටුවූයේ ම දේශපාලන පුතුන් ගොඩගන්නට ය. එයින් රුපියල් කෝටි 200කට වඩා ණය ලබාගෙන පොලු තබා ඇත. මෙලෙස ණය ගත් උන් ඒවා ගන්නාවිට නැවත ගෙවන්නට සිහිනෙන්වත් සිතා සිටියේ නැත. බැංකුවේ වත්මන් සභාපතිවරයා එලෙස ණය ගෙන නොගෙවා සිටින 14 දෙනෙක්ට විරුද්ධව මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පැමිණිලි කළේ ඉකුත් වසරේ මාර්තු මාසයේ ය. දැන් මූල්‍ය අපරාධ ඒකකය එයට එරෙහිව නඩු පැවරීමට …
Continue Reading
ෆොනීගේ හීන ගඟේ යයි ද?
එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමකට ඇතුළත් වී පාර්ලිමේන්තුවට පිවිසෙන්නටත්, ඉන් ඉදිරියට ගොස් ඇමැති ධුරයක් ලබා ගන්නටත් පාරමී දම් පිරූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ එම බලොපොරොත්තු අර්බුදයට ලක්වේ දැ යි දේශපාලන ක්ෂේත්රයේ දැන් මත පළ වෙමින් ඇත. බලය සම්බන්ධ කාරණයේ කිසිදු කොන්දේසියක් නොසලකන ෆීල්ඩ් මාෂල්වරයාගේ මේ ක්‍රියාව දේශපාලන පොරපිටියේ ඔහුගේ ප්‍රබල ප්‍රතිවාදියාගේ හීන් නූල් ප්‍රහාරයකට ලක්වෙමින් පවතින බව වාර්තා වෙයි. …
Continue Reading
යෝෂිතත් ඉක්මනින් නිදහස්?
කලබල විය යුතු නැත. මේ අතීතයේ සිදු වූ දේවල් දෙස බලා අනාගතයේ සිදුවිය හැකි දේවල් ගැන පුරෝකථනයක් පමණි. මහින්ද රාජපක්ෂ රෙජිමය යටතේ පෙර නොවු විරූ තරම් ජනතා මුදල් මංකොල්ල කන ලද බව මහින්ද පාක්ෂිකයන් ම පවා රහසින් පිළිගන්නා කරුණකි. යුද ජයට මුවා වෙමින් ජනතා මුදල් මංකොල්ල කෑ කම්බා හොරුන්ට දඬුවම්දීම අගතිගාමී නොවන බොහෝ දෙනා පැතූ පැතුමකි. මන්ද යත් අදටත් රෝහල්වල …
Continue Reading
ඇමැති පී. හැරිසන් රටට කළ පාඩුව රු. 4000000000 ක්?
පසුගිය කන්නයේ දී වී අලෙවි මණ්ඩලය හරහා ගොවීන්ගෙන් මිලට ගත් වී මෙට්‍රික් ටොන් 234800 ප්‍රමාණයක් සහල් කිරීම සඳහා අඩු මිලට තම හිතවත් සහල් මෝල් හිමියන් දෙදෙනකුට ලබා දීමෙන් විෂය භාර ඇමැති පී.හැරිසන් විසින් රටට අතිශය විශාල මුදලකින් පාඩු කරන ලදැයි මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. මේ පැමිණිල්ල ජ.වි.පෙ. විසින් කරනු ලබන්නකි. මෙලෙස මිලට ගත් වී …
Continue Reading
දුමින්ද සිල්වා කවුද? දුමින්දව ඉස්සරහට ගත්තේ කවුද?
දුමින්ද සිල්වා නමැති පුද්ගලයා ගැන නැවතත් මෙහි ලියා වෙහෙසෙන්නට අවශ්‍ය නැත. දුමින්ද සිල්වා යනු කවරෙක්දැ යි රට ම දන්නා නිසා ය. ශේක්ෂ්පියර් නම් සාහිත්‍යකරුවා වරක් පැවසූ පරිදි අධමයා උත්තම කරන්නට, කලු පාට සුදු කරන්නට, බියගුල්ලා වීරයා කරන්නට, හොරුන්ට දණ නමා සම්මාන දෙන්නට මුදලේ බලයට හැකි ය. දුමින්ද සිල්වා යනු මෙයට ජීවමාන උදාහරණයකි. අප නොගිණිය හැකි තරම් වාරයක් පවසා ඇති පරිදි …
Continue Reading