රාජිතගේ රජ වැඩ!

Spread the love

Rajitha

ඖෂධ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරින්ට ඉල්ලා අස්වන්නැ යි රාජිත සේනාරත්න ඇමැතිවරයා බලපෑම් කර ඇතැයි වාර්තා වෙයි. මේ සම්බන්ධයෙන් රජයේ ඖෂධවේදින්ගේ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.

ලොව අතිශය නිරනුකම්පීය ම සහ බරපතළ ම ජාවාරමක් වන්නේ ඖෂධ ජාවාරම යි. ඒ නිසාවෙන් ඖෂධ අධිකාරිය රටක ජන ජීවිතයට මහත් බලපෑම් කරන ආයතනයක් බව අමුතුවෙන් කිව යුතු නො වේ. රාජිත ඇමැතිවරයා මෙලෙස බලපෑම් කර ඇත්තේ සිය රාජකාරිය හොඳින් කරගෙන ගිය පිරිසකට බවත් මේ පිටුපස ඖෂධ සමාගම්වල පලපෑම තිබේ යැ යි තමන් සැක කරන බවත් ඖෂධ ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ නිලධාරියෙක් අප වෙත පැවසී ය.

RSL

Related Posts