Blue Mountain සමාගමට තරු පහේ ජාත්‍යන්තර සම්මානයක්!

Spread the love

Blue Mountain-Chairmanමෙරට ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳ සමාගමක් වන Blue Mountain සමාගම, 2015 වසරේදී මැලේසියාවේ පැවැත්වූ ආසියානු පැසිපික් දේපළ සම්මාන උළෙලේදී [(APPAS) Asia Pacific Property Awards Summit] දේපළ අලෙවිකරණය සහ උපදේශන (Property Consultancy Marketing) වර්ගීකරණය යටතේ නව්‍ය අදහස් හා ඉදිරිපත් කිරීම් වෙනුවෙන් 5-ස්ටාර් සම්මානය හිමිකරගැනීමට සමත් වී ඇත.

ආසියානු පැසිපික් කළාපයේ සියළුම රටවල් අභිබවමින් Blue Mountain සමාගම මෙම ජාත්‍යන්තර සම්මානය ලබාගැනීමට සමත් වී ඇත. ව්‍යාපාරික කේෂ්ත්‍රයේ වසර 05 ක් වැනි කෙටි කාලසීමාවක් තුළ එම සමාගම ලබා ඇති පාරිභෝගික විශ්වාසය සහ දේපළ වෙළදාම් කේෂ්ත්‍රයේ ව්‍යාපාරික ශක්තිමත්භාවයද මීට ඉවහල් වී ඇත.

Blue Mountain සමාගම දැනට රුපියල් බිලියන 14 ඉක්මවූ ව්‍යාපාර වත්කම් ප්‍රමාණයක් සතු සමාගමක් බව සඳහන්.

RSL

Related Posts