සෝභිත හිමි ඝාතන කතාව සත්‍යයක් ද? චීවරවල සහ මන්ත්‍රී වරප්‍රසාදවල සැඟවූ කුමන්ත්‍රණයක් ද?
අලි වංචාවකට හසු වී රිමාන්ඩ් බන්ධනාගාරතව සිට පැමිණි උඩුවේ ධම්මාලෝක හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ වැනි කිහිප දෙනෙක් මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය හරහා මතු කළ කාරණාවක් වූයේ පසුගිය දා අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන් ස්වභාවිකව මරණයට පත් වූවා නොව ඝාතනය කරන ලද බව යි. මෙය ඉතා බරපතළ ප්‍රකාශයක් වන අතර මෙරට සමාජය මෙය ඒ සා බරෙන් යුතු ව බාරගත්තේ නැත. …
Continue Reading
සඳ ගමන බොරුවක්ද?
1951 මැයි මස 25 වැනිදා, ජනාධිපති ජෝන් එෆ් කෙනඩි, 1970 වසර වෙත්දී ඇමෙරිකානුවෙකු සඳ මත ට යවන බවට ප්‍රතිඥා දී සිටියා. 1969 ජූලි 20 වැනිදා, නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රීන් ඇපලෝ 11 යානයෙන් සඳ තරණය කළා. කෙසේ වෙතත් ඒ මොහොත දැක බලාගන්න ජනාධිපති කෙනඩි ජීවතුන් අතර සිටියේ නැහැ. 1972 වසර වන විට තවත් සඳ ගමන් පහක නිරතවන්න ඇමෙරිකා එක්සත් ජනපදයට …
Continue Reading
මුඛවිකාර චතුරට නඩු!
ලංකාවේ දේශපාලනයේ බොහෝ ප්‍රදේශයක් ආවරණය වනු ලබන්නේ මුඛ විකාර වලිනි. මුඛය පමණක් තිබුණ ද දේශපාලනයේ දී චරිතයක් වන්නට හැකි බව ඔප්පු කළ චතුර සේනාරත්න යහපාලනය නම් සංකල්පය මර්වින්කරණය කරන කිහිපදෙනාගෙන් කෙනෙකි. පොලිස් නිලධාරියෙකුට බැණ තර්ජනය කර, සාපරාධී බිය ගැන්වීමට එරෙහිව මුඛ විකාර චතුරට එරෙහිව ඊයේ (24) රාගම පොලිසිය විසින මීගමුව අධිකරණයේ දී නඩු පවරනු ලැබීය. කොහි හැටි වෙතත්, මෙවැනි අශිෂ්ටකම්වලට …
Continue Reading
යේසුස් වහන්සේ දිවිපිදූ මහ සිකුරාදාව අදයි!
මිනිසුන්ගේ පාපයන් වෙනුවෙන් යේසුස් වහන්සේ කුරුසිය මත දිවි පිදූ බවට සැලකෙන මහ සිකුරාදා දිනය අදයි. මෙය ලොව පුරා කිතු බැතිමතුන් සමරනු ලබන්නේ මනස්තාපයේ සහ ශෝකයේ දිනයක් ලෙස ය. ලොව පුරා කිතුණු බැතිමත්හු විවිධ වතාවත් කරමින් අද එම දිනය සමරති. ශ්‍රී ලංකාවේ ද කිතුණු බැතිමත්හු ද විවිධ දේව මෙහෙය සංවිධානය කර ඇත.මීගමුව දූව, මග්ගොන කල්වරිකන්ද, හිනිදුම, දළුගම, වත්තල, එඬේරමුල්ල, පුත්තලම, හලාවත, …
Continue Reading
ධම්මික රණතුංගට වෙන ම නීතියක් ද? විනිසුරු පොලිසියෙන් අසයි!
අමාත්‍ය අර්ජුන රණතුංගගේ සොයුරු, සහෝදර පදනමින් වරාය අධිකාරියේ සභාපති ධුරය දරන ධම්මික රණතුංග විසින් ඉකුත් දා අධිකරණයේ දී මාධ්‍යවේදින්ට තර්ජනය කිරීම පිළිබඳ නඩුව අද විභාගයට ගැනුණු අවස්ථාවේ මෙලෙස පොලිසියෙන් ප්‍රශ්න කරනු ලැබුවේ කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය විසිනි. අශිෂ්ට ලෙස අධිකරණයේ දී හැසිරුණු සභාපතිවරයා වෙත අද රුපියල් ලක්ෂ 2 බැගින් ශරීර ඇප මත මුදා හරිනු ලැබුණු අතර මහේස්ත්‍රාත්වරයා ඔහුට දැඩිව අවවාද කළේ …
Continue Reading
විපරීත යුගයක අබබ්බ මහණුන්ගේ ගොබ්බ දෙසුම්!
පිටිදූවේ සිරිධම්ම හෙවත් දැන් ඔහු හඳුන්වාගන්නා පරිදි සමන්තභද්‍ර (මෙය සම්මා සම්බුදුරජාණන්වහන්සේ හැඳින්වීමට යෙදෙන තවත් නමකි) මෙරට දේශපාලනය ගැන, බණ(?) දෙසුමක දී පසුගිය දා පවසා තිබේ. ඔහුට මානසික අවුලක් තිබෙන බව මෙරට සබුද්ධික බොහෝ දෙනෙක් දන්නා කාරණයකි. බුදුන්වහන්සේ පවසා ඇති පරිදි, තම ශාසනය විනාශ වන්නේ බාහිර බලවේග නිසා නොව ශාසනයේ ම අභ්‍යන්තරය විසිනි. එය අද ඊයේ නොව, සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ …
Continue Reading
පත්තරකාරයෝ, මාධ්‍යවේදියෝ සහ මාධ්‍යවසළයෝ!
ගාල්ලේ මාධ්‍යවේදියෙකුගේ කැමරාවක් නැති වුණේ ය. එය සොයන්නට බොහෝ මහන්සි වුණු, ඒ වෙනුවෙන් පුවත් පළ කළ මාධ්‍යවේදියෙක් දින කිහිපයකට පසු ඒ ජාතියේ කැමරාවකට චාජරයක් සොයන්නට ගොස් නැතිවුණු කැමරාව සමඟ අතට ම අසු වුණේ ය. නැති වූ දින ම කැමරා නැතිවූ අය ඒ වර්ගයේ චාජරයක් සොයා ආවොත් දැනුම් දෙන්නැයි කැමරා ආම්පන්න විකුණන තැන් දැනුවත් කර තිබීම එසේ අසුවන්නට හේතුවයි. නඩු යෑමෙන් …
Continue Reading
තාජුඩීන් නඩුව ඊළඟ මැතිවරණය තෙක් ඇදෙයි ද?
මෑත කාලෙයේ පුවත් වෙබ් අඩවි සහ විවිධ මාධ්‍ය විසින් වැඩිපුර ම වාර්තා කළ පුවතක් ඇත්නම් ඒ මෙරට සිටි දක්ෂත ම රගර් ක්‍රීඩකයෙක් වූ වසීම් තාජුඩීන්ගේ ම්ලේච්ඡ ඝාතනය යි. පසුගිය කාලය වන විට ඒ සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙක් වූ මේජර් තිස්ස ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව, නම් ගම් සහිත ව මාධ්‍ය වාර්තා පළ …
Continue Reading
රාවණා බලය පිටුපස විමල් වීරවංශ?
විමල් වීරවංශ තම දේශපාලන ගමන අරඹන්නේ කවුරුත් දන්නා පරිදි වාමාංශික මූලයන් සහිත ජනතා විමුක්ති පෙරමුණෙනි. නමුත් ඔහු අන්ත ජාතිවාදය නඩත්තු කරමින් තම දේශපාලන ගෝස්තරය සොයා ගන්නා බව දැන් ප්‍රකට කරුණකි. එසේ ද වුවත් විමල් ප්‍රමුඛ අනුගාමිකයන් තමන් ජාතිවාදීන් බව ප්‍රසිද්ධියේ කිසිදු තැනක පිළිගන්නේ නැත. එසේ වුවත් ඔවුන් එළිපිට නොවන රහසිගත ක්‍රම වලින් මෙරට ජාතිවාදය නඩත්තු කරන බව අපට ලැබුණ තොරතුරකින් …
Continue Reading
ඩොලරය 147 ඉක්මවා යයි!
ශ්‍රී ලංකා රුපියල සහ ඇමරිකන් ඩොලරය අතරවන පරතරය බොහෝ සෙයින් වැඩිවෙමින් පවතින බව දකින්නට ලැබේ. ඊයේ එහි උච්චතම මිල ඉහළ යාමක් වාර්තා විය. එනම් ඩොලරයක ගැනුම් මිල රුපියල් 143.16ක් සහ විකුණුම් මිල රුපියල් 147.16ක් වශයෙනි. ආර්ථික විශේෂඥයන්ගේ මතයට අනුව, රට දරුණු ආර්ථික අර්බුදයක ගිලී ඇත. එය අද ඊයේ සිදු වූවක් නොවුණ ද අවුරුද්දක් පුරා වත්මන් ආණ්ඩුව ද පෙර ආණ්ඩුව මෙන් …
Continue Reading