සඳ ගමන බොරුවක්ද?

Spread the love

moon

1951 මැයි මස 25 වැනිදා, ජනාධිපති ජෝන් එෆ් කෙනඩි, 1970 වසර වෙත්දී ඇමෙරිකානුවෙකු සඳ මත ට යවන බවට ප්‍රතිඥා දී සිටියා.

1969 ජූලි 20 වැනිදා, නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රීන් ඇපලෝ 11 යානයෙන් සඳ තරණය කළා.

කෙසේ වෙතත් ඒ මොහොත දැක බලාගන්න ජනාධිපති කෙනඩි ජීවතුන් අතර සිටියේ නැහැ.

1972 වසර වන විට තවත් සඳ ගමන් පහක නිරතවන්න ඇමෙරිකා එක්සත් ජනපදයට හැකිවුණා. ඒ සෑම සඳ ගමනක ම ඡායාරූප සහ වීඩියෝ දර්ශන නාසා ආයතනය මඟින් නිකුත් කරනු ලැබුවා.

moon2

ඇමෙරිකානුවන්ගේ සඳ මත පා තැබීම් ප්‍රෝඩාවන් යැයි යන්න පිළිබඳව ලෝකයාහට සැක මතු කරවමින් මුල් වරට කරුණු ගෙන හැර පෑවේ, තාක්‍ෂණික ලියන්නෙකු හැටියට කටයුතු කළ, එවකට නාසා ආයතනයේ ඇපලෝ වැඩසටහනේ ලියකියවිලි පරිහරණය කිරීමට අවසර තිබූ බිල් කේසිං නැමැත්තා විසිනුයි. ඒ 1976 වසරේදීයි. බිල් කේසිං ට අනුව මිනිසා සඳ මත පා තැබීම බොරුවක්.

සඳ මතට මිනිසෙකු ගෙනයාමට අවශ්‍ය විශේෂඥ තාක්‍ෂණික සම්පත් නාසා ආයතනය සතුව නොතිබූ බවයි බිල් කේසිං කියා සිටියේ.

ගගනගාමීන් සඳ මතුපිට සිට සිට ගත්තායැයි කියන පෘථිවිය සහිත අඳුරු ආකාශය දැක්වෙන ඡායාරූප වල තාරකා කිසිත් දක්නට නොමැති බව ඔහු පෙන්වා දෙනවා. නමුත් නාසා ආයතනය පවසන්නේ ඡායාරූපය සකස්කිරීමේ ක්‍රියාවලියේදී එහි ඇති තාරකා වැනි විස්තරාත්මක දෑ ඉවත්ව ඇති බවයි.

චන්ද්‍ර යානය සඳ මතුපිට ගොඩ බෑමේදී පහතට එල්ලවන දාහක ප්‍රහාර වැදීමෙන් ඇතිවූ ආවාට සඳේ භූමිය මතුපිට දකින්නට නැහැ. යානයක් ගොඩබෑමේදී අනිවාර්යයෙන් එවැනි දෑ ඇතිවනවා.

moon3

සඳට වායුගෝලයක් නැහැ. සඳ මතුපිට සුළං හමන්නේ නැහැ. නමුත් නීල් ආම්ස්ට්‍රෝං සඳ මතුපිට පිහිටුවන ඇමෙරිකානු ධජයේ රැළි මතුවී තිබෙනවා.

මේ අනුව ගොඩනැගෙන ජනප්‍රිය තර්කය වන්නේ සඳ මත පා තැබීම මුළුමනින්ම චිත්‍රාගාරයක් තුළ රූගත කරන ලද නාටකයක් වන බවයි. සඳ මතුපිට භූමියේ ඇති පාෂාණයක් මත ඉංග්‍රීසි හෝඩියේ C අකුර පැහැදිලිවම දක්නට ලැබෙනවා. සැලසුම් ගතව නම් කරන ලද රංග භාණ්ඩයක් අත්වැරදීමකින් එසේ දර්ශනයවී ඇති බවයි විශ්වාසය.

මුල් සඳගමන් සියල්ල ව්‍යාජ ඒවා බව ජනමාධ්‍යවේදියෙකු වන මාර්කස් ඇලන් පවසනවා. ජනාධිපති කෙනඩ‍ෙගේ දින නියමයන් සම්පූර්ණ කිරීම සඳහාත්, එකල පැවති ශීත යුධ අභ්‍යාවකාශ තරඟය ජයගැනීම සඳහාත් ව්‍යාජ සඳගමන රඟදක්වා ඇති බව ඔහුගේ අදහසයි.

පෘථිවිය වටා වැන් ඇලන් වළල්ල නමින් විකිරණ තීරයක් තිබෙනවා. එය අධිවිකිරණශීලී ගුණයෙන් යුක්තයි. ඇතැම් විද්‍යාඥයන් ගෙන එන්නට උත්සාහ දරණ මතය වී ඇත්තේ, මේ විකිරණ කලාපය ගගනගාමීන් ලවා නිරුපද්‍රතව තරණය කරවීම කළ නොහැක්කක් බවයි. ඒ නිසා සඳ මතට මිනිසුන් යැවීම සිදුවිය හැකිව තිබූ දෙයක් නොවෙයි.

ඇතැම් විද්‍යාඥයෝ එසේ පවසත්දී වැන් ඇලන් තීරය සොයාගැනීමේ ගෞරවය හිමි විද්‍යාඥ ජේම්ස් වැන් ඇලන් කියා සිටින්නේ අභ්‍යාවකාශ යානයක අනුවැස්ම එහි යන ගගනගාමීන් හට විකිරණශීලීත්වයෙන් ආරක්‍ෂාව සපයන නිසා වැන් ඇලන් තීරය පසුකොට සඳ වෙත යෑම නොකළහැක්කකක් නොවන බවයි.

කාරණා එසේ තිබියදී මිනිසා සඳ මත පා තැබූවේ නැතැ යි යන චෝදනවා වලට ප්‍රතිතර්කන නාසාව සතුව තිබෙනවා.

ඔවුනට අනුව සඳ මත දකින පාෂාණයේ අැති C අකුර, ඡායාරූපය ප්‍රතිමුද්‍රණය කිරීමේ දී ඇති වූ දෝෂයක්.

සඳ මතුපිට සිටවූ ඇමෙරිකානු ධජයේ රැළි මතුව ඇත්තේ සුළං වැදීමෙන් නෙවෙයි. ඒවා සෙල වෙන්නේ නැහැ. ඒ රැළි කොඩිය පිහිටුවීමේදී ගගන ගාමීන් අතින් ඇතිවූ ඒවායි.

චන්ද්‍රයා මතුපිට භූමිය දැඩි, පාෂාණමය එකක්. ඒ නිසා චන්ද්‍ර යානයේ දහනක වලට ඒ මත ආවාට ඇතිකරන්න පුළුවන්කමක් නැහැ.

මේ අතර නාසා ආයතනය, පෘථිවිය සහිත අහසේ තරු නොමැතිවීම ගැන කරන පැහැදිලි කිරීමට ප්‍රතිපක්‍ෂව තව දුරටත් කරුණු දැක්වීම් තිබෙනවා. ඒ අනුව චිත්‍රාගාරයක් තුළ මැවුණු චන්ද්‍ර අහසේ තරු නැත්තේ නාසා ආයතනය හිතාමතාම තරු එක් නොකළ නිසයි. මක්නිසාද යත්, අදාල අවස්ථාවේ ආකාශයේ දක්නට ලැබෙන තරු රටා එක් දශමයකින් හෝ වෙනස් වුවහොත් ඒවා සොයා කුමන්ත්‍රණ න්‍යායන් ගොඩනැගීම සඳහා ඕනෑතරම් අය සැදී පැහැදී සිටිනවා.

කෙසේවෙතත් ඇමෙරිකානුවන් ගේ සියලු දෑ සැකකරන සෝවියට් රුසියාවත් සඳ ගමනේ තරඟයෙන් ඇමෙරිකාව ජයගත් බව පිළිගෙන ඔවුනට සුබ පැතුවා.

මේ සියළු කාරණා අතර 2000 වසරේ දැනගන්නට හැකීවී ඇති පරිදි, ඇපලෝ 11 යානය හා සම්බන්ධ වීඩියෝපට මේ වනවිට අබිරහස්ලෙස අතුරුදහන්! ඒ අනුව 1972 වන තෙක් කිසි මිනිසෙකු සඳ මතුපිට පා තැබූ බවට නිල සාක්‍ෂියක් දැන් නැහැ.

කරුණු කාරණා එසේ වුවත් මුල් වරට සඳ මතුපිට ඇවිද ගිය ගගනගාමීන් වීමේ ගෞරවය ලැබසිටින නීල් ආම්ස්ට්‍රෝං සහ බස් ඕල්ඩ්‍රීන් තමන් සඳ මත පා තැබූ බව දිගටම කියන්න මැළිවන්නේ නැහැ.

නමුත් එක් කුකුස දනවන කරුණක් තිබෙනවා. සාර්ථක චන්ද්‍ර තරණයෙන් වසර ගණනක්ම ඉක්ම යන තුරු ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං ඒ පිළිබඳ කිසි දෙයක් මාධ්‍යයට කියන්න ඉදිරිපත්වූයේ නැහැ. විශ්ව කීර්තිධර තාරකාවකගේ පැවැත්මකට වඩා ඔහු ගතකළේ වන වැදුනු තවුසෙකුට සමාන පැවැත්මක්.

1994 වසරේ, සඳ තරණයේ 25 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති විශේෂ උත්සවයකට සහභාගීවෙමින්න්, විල්බර් රයිට්ගේ වැකියක් උපුටා දක්වමින් ආම්ස්ට්‍රෝං මෙසේ කියා සිටියා.

“හොඳට කතා කරන එකම කුරුල්ලා ගිරවා පමණයි. ඒත් ඌට හොඳට පියාඹන්න බැහැ.”

– අඛිල රන්සිරි මලලගේ –

RSL

Related Posts