අහෝ! උඩුවේ නොදුටු මොක්පුර…

මැදින් පොහොය දිනයක මෙවන් සටහනක් ලියන්නට සිදු වීම සංවේගයට කාරණයකි. නමුත් ජනතාවාදී මාධ්‍ය කලාවක් නියෝජනය කරන අප මෙය නොලියා සිටියහොත් එය ආත්ම වංචනිකත්වයකි. උඩුවේ ධම්මාලෝක චීවරධාරියාගේ තරම දැන් මුළු රට ම දැනගෙන හමාර ය. පසුගිය කාලයේ සිදුකරන ලද තිරශ්චීන ම ජාවාරම්වලින් එකක් වූ කුඩා අලි පැටවු ජාවාරමට උඩුවේ ධම්මාලෝක සම්බන්ධ බව රට ම දන්නා කරුණකි. එය එසේ නොවෙතියි කියන්නට චේතිය …

Continue Reading

මැදින් පොහොය දිනය අදයි!

මැදින් පොහොය හෙවත් සිරිපා පොහොය ලෙස විශේෂයෙන් හඳුන්වන පොහොය දිනය අදට යෙදී තිබේ. සිරිපා පොහොය ලෙස හැඳින්වෙන්නේ මේ කාලයේ වියළි කාලගුණය බැවින් සිරිපාවන්දනාවට බැතිමතුන්ට ඇති පහසුව නිසා ය. සිද්ධාර්ථ කුමරා සම්බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසුව සිය ඥාතීන් සිටි කිඹුල්වත්පුරයට පළමුවරට වැඩම කරනු ලැබුවේ අද වැනි මැදින් පොහොය දිනක බව දැක්වේ. සිදුහත් කුමාර පුත්‍ර කුඩා රාහුල කුමාරයන් පැවිදි කරනු ලැබුවේ ද මෙවන් …

Continue Reading

ETCA සටන මුවහත් වෙයි!

අත්තනෝමතික හිතුවක්කාරී බවකින් යුතුව වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාව සමඟ අත්සන් කරන්නට සූදානම්වන එට්කා ගිවිසුමට එරෙහි සටන නැවත වටයකින් ආරම්භ වී තිබේ. පෙර පැවැත්වූ කිසිදු රැස්වීමකින් පෙළපාලියකින් පසුවවත් ආණ්ඩුව ජනතාවට ඇහුම්කන්දීමේ පියවරකට නොගිය අතර මෙකී ගිවිසුමට ප්‍රතිපක්ෂවන පිරිස ද තම සටන අත්නොහැර විවිධ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වෙති. මේ සටනේ තවත් අවස්ථාවක් ලෙස බොහෝ ක්ෂේත්‍රවලට සහ වෘත්තීන්වල පිරිස් සමඟ එළැඹෙන මාර්තු 24 වැනිදා …

Continue Reading

හර්ෂණ රාජකරුණා වැඩ-කිඩ පෙන්වයි!

එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් පුද්ගලයෙකුට කළ පහරදීමක් රීඩ් ශ්‍රී ලංකා වෙත වාර්තා වෙයි. පසුගිය දා රාජකීය – තෝමස් විද්‍යාල අතර පැවැති ක්‍රිකට් තරඟය අතරතුර දී පෙර සිට හඳුනන අයෙක් විසින් මචං යහපාලනය කොහෙද යන්නේ? යැ යි ඇසූ පැනයකට කුපිතව අදාළ පැනය ඇසූ පුද්ගලයාට මේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ ඇම්බැට්ටයන් විසින් පහර දී ඇති බව දැනගන්නට ඇත. එම පුද්ගලයා මේ …

Continue Reading

බාර්කාරයෝ 100ක් පාර්ලිමේන්තුවේ!

වත්මන් පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රීන්ගෙන් 100 දෙනෙකුට මත්පැන් අලෙවිහල් තිබෙන බව වාර්තා වී ඇත. මුලු පාර්ලිමේන්තු නියෝජිත සංඛ්‍යාව 225ක් වන අතර, මේ අනුව ඉන් හරි අඩකට ආසන්න ප්‍රමාණයකට මත්පැන් අලෙවිහල් තිබෙන බව පෙනී යයි. මේ අතරින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීන් දෙදෙනෙක් සතුව මත්පැන්හල් 10 බැගින් තිබෙන බව දැනගන්නට ඇත. එක් අලෙවිසලකින් මසකට රුපියල් ලක්ෂ 20ක පමණ ලාබයක් ලැබෙන බව ද වාර්තා වෙයි. …

Continue Reading

“උද්ඝෝෂණ, රැස්වීම් තිබ්බට සුදු වෑන් එවන්නේ නැහැ!”

මෙම ප්‍රකාශය ඉකුත් දිනයක මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා විසින් කරන ලද්දකි. දැන් දැන් කොළඹ නගරයේ උද්ඝෝෂණ, පෙළපාලි සහ රැස්වීම් පැවැත්වෙන බවත් ඒවාට පහර දෙන්නේවත් ඒවා සංවිධානය කරන නායක කාරකාදීන්ගේ ගෙවල්වලට සුදු වෑන් එන්නේවත් නැති බව ජනපතිවරයා තවදුරටත් පවසා සිටියේ ය. ඒ සියලු දේවල් කරන්නට නිදහස සහිතව මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර තිබුණත් නියමිත කාලයට පෙර ආණ්ඩුව පෙරළීමට නොහැකි බවත් එය කළ හැකි නම් …

Continue Reading

අයියෝ සෝමවංශ!

සෝමවංශ පප්පා යනු හිටපු ජ.වි.පෙ. නායකයා ය. එතරම් සංවිධානාත්මක යැ යි ද, එතරම් විනයක් සහිත යැ යි ද කියාගන්නා ජ.වි.පෙ. මෑතක් වනතුරු තම නායකයාව සිටි මේ පුද්ගලයාගේ පරාභවය ගැන කියන්නේ කුමක් දැ යි අපි අසමු. නිර්ධන පංති ව්‍යාපාරයක ඕනෑ ම මොහොතක පැන නැඟිය හැකි සුළු ධනේශ්වර මතවාදය මේ යැ යි කියා නම් නොකියන්නැ යි අපි ජ.වි.පෙ.ට කියමු. සෝමවංශ පප්පා 88-89 …

Continue Reading

ස්වර්ණවාහිනී! හිඟාකන්න.. ඒක නම්බුයි!!!

ශ්‍රී ලංකාවේ කිසිදු වගකිව යුතු විද්‍යුත් මාධ්‍යයක් නොමැති බව අපි වගකීමෙන් කියන්නෙමු. වෙළඳ දැන්වීම් හිඟා කෑමට වඩා වෙන යමක් ඔවුන්ට ඇත්තේ නැත. අලුත් සංකල්ප නිර්මාණය කරන්නට සමත් හිස් ඇති මිනිසුන් නැති බැවින් හිස් මිනිසුන්ගේ හිස් සංකල්පවලට වැඩ කරන මේ හිඟන නාලිකා කටයුතු කරන්නේ පුදුම අත්තනෝමතික ආකාරයෙනි. එදිරිසිංහලාට අයත් ස්වර්ණවාහිනිය ද කැමරා ඔසවාගත් ගොබ්බයන් ලවා කලෙක සිට පාරේ කරන නෙයියාඩගමක් ඇත. …

Continue Reading

සතිඅග සළරුව – Trumbo (2015)

විශ්වාස කරන්න ඕනෑ මොනවාද, කියන්න ඕනෑ මොනවාද, ලියන්න ඕනෑ මොනවා දැ යි ඔහුට කියන්න එන්න කාටවත් බැහැ. ඔහු ඩෝල්ටන් ට්‍රම්බෝ. ඩෝල්ටන් ට්‍රම්බෝ යනු හොලිවුඩයේ එදා මෙදා තුර බිහි වූ අග්‍රගණ්‍ය සිනමා රචකයගෙන් කෙනෙක්. ස්පාර්ටකස්, එක්සොඩස්, බ්‍රේව් වන් සහ රෝමන් හොලිඩේ ආදී අදටත් ජනකාන්ත හොලිවුඩ් සිනමා නිර්මාණ රැසක් ඔහුගේ සිනමා රචනා අතරේ වනවා. ඩෝලටන් ට්‍රම්බෝ හොඳට හම්බකරන්න රැකියාවක් ඕනෑ වූ නිසා …

Continue Reading

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස ශ්‍රී.ල.නි.ප.යෙන් නෙරපා හැරෙයි ද?

පසුගිය 17 වැනි දා කොළඹ හයිඩ් පිටියේ පැවැත්වූ ඒකාබද්ධ විපක්ෂය නමින් හඳුන්වාගන්නා කණ්ඩායමේ ජන සටන නම් රැළියට සහභාගි වූ ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීන් 37 දෙනාට එරෙහිව විනය පරික්ෂණ පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. එම පක්ෂයේ උත්තරීතර ආයතනය වන මධ්‍යම කාරක සභාව විසින් එම රැස්වීමට සහභාගි නොවිය යුතු බවට ගෙන තිබූ තීරණය උල්ලංඝනය කිරීම මෙයට හේතුව ලෙස දැනගන්නට …

Continue Reading