ජනපති අතින් මහවැලි ගොවි පවුල් 10,000කට හිමිකම් ඔප්පු
මහවැලි ජනපදිකයින් අතර ඉඩම් ඔප්පු 100,000ක් බෙදා දීමේ ජාතික වැඩසටහනෙහි තවත් එක් පියවරක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මැයි 15 වැනිදා පොලොන්නරුව, අරලගංවිල විලයාය මහා විද්‍යාලයේදී සිදු කෙරිණි. එහිදී මහවැලි බී හා සී කලාපලවල ගොවි පවුල් 10,000කට ඔවුන් පදිංචිව සිටින රජයේ ඉඩම්වලට සින්නක්කර හිමිකම් ඔප්පු ලබා දීම සිදු විය. ජනාධිපතිවරණයේදී හා මහා මැතිවරණයේදී ලබා දුන් පොරොන්දු අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. …
Continue Reading
මහ බැංකු අධිපතිට එවූ විගණන වාර්තා 8 ක් නි. අධිපති සමරසිරි නොසලකා හැරලා
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා වෙත රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් එවන ලද විගණන වාර්තා 08 ක් 2017 ජනවාරි 17 දින අත්‍යවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් දෙමින් මහ බැංකු අධිපතිවරයා විසින් නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමරසිරි මහතා වෙත යවා ඇතැයි ද, ඒවා ඔහු විසින් මහ බැංකුවේ ප්‍රයෝජනයට නොගෙන මේ දක්‌වාම ඔහු සන්තකයේ රඳවා තබාගෙන සිටින බවද මහ බැංකුවේ …
Continue Reading
මහජන අත්සන් ලක්ෂ 79ක පෙත්සම ප්‍රදර්ශනයට
අත්සන් 79 ලක්ෂයක් අඩංගු කිලෝමීටර් හතරහමාරක් (4 1/2)ක් දිග පෙත්සමක් පේරාදෙණිය ගලහ මාර්ගයේ වාරියගල ප්‍රදේශයේදී මහජන ප්‍රදර්ශනය සඳහා තබා තිබුණි. වාරියගල ප්‍රදේශයේ පදිංචි යු.ජී. සුගත් නැමති 31 හැවිරිදි අයෙකු වසර හතයි මාස නවයක් තිස්සේ ලංකාව පුරා යමින් ලබාගත් අත්සන් ලේඛනයක් මෙසේ ප්‍රදර්ශනයට යොමු කර තිබුණි. සියලුම ආගමික ශාස්තෘවරුන්ගේ රුව හා සලකුණු පත්තර කඩදාසි ඇතුළු වෙළෙඳ භාණ්ඩවල මුද්‍රණය කිරීමෙන් එම ආගම්වලටත් …
Continue Reading
පොලිසිය විහාරමහාදේවි උද්‍යානයේදී සිසුන් සමඟ සටන් වදී; සිසුන් 15ක් රෝහලේ(Video)
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ පිහිටි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිදාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමන විසිරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය. පොලිස් ප්‍රහාරය හේතුවෙන් සිසුන් 15දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් තවත් සිසුන් 10දෙනෙකු පොලීසිය විසින් ඉති අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. සිසු පාගමන නැවැත්වීම …
Continue Reading
ෆීල්ඩ්මාෂල්ගේ ඇමතිකමයි; මන්ත්‍රීකමයි දෙකම කොටඋඩ!
ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කල් දමා තිබේ. දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන නීතිඥ අජිත් ප්‍රසන්න විසින් අදාළ පෙත්සම ගොනු කර තිබුණි. අදාළ පෙත්සම අද (17) කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ වගඋත්තරකරුවන් ට අදාළ නොතීසි අධිකරණය වෙත බාරදෙන …
Continue Reading
චීනයෙන් ශ්‍රී ලංකාවට යුවාන් බිලියන 2 ක්
මේ වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා දෙන චීන යුවාන් මිලියන 400ක ආධාර මුදලට අමතරව, 2018 – 2020 කාලය සඳහා චීන යුවාන් බිලියන 2 ක ආධාර ලබා දීමට චීනය කටයුතු කරන බව මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා පැවසීය. 16 වැනි දා, සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා …
Continue Reading
ඇමති දුමින්ද ඇයි සබීතාට බදු ගෙවන්නේ..?
කෘෂිකර්ම අමාත්‍යාංශයේ නමට අගමැතිවරයා ලබාගත් ගොඩනැගිල්ලේ බදු ගිවිසුම් අවසන් කළ යුතු බව දූෂණ විරෝධි පෙරමුණ පවසයි. එම පෙරමුණ විසින් ඊයේ (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ බව සඳහන් කළහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2016 පෙබරවාරි 17 දින කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරනු ලැබූ සංදේශයට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සදහා රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලක් …
Continue Reading
රජයේ සයිටම් යෝජනා ජනපති හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයයි
ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ නිසා රට තුළ ඇති වී තිබෙන අර්බුදය විසඳීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඊයේ (15 දා) ඉල්ලා සිටියේය. මෙම විසඳුම් යෝජනාවලියෙන් ඉදිරිපත්ව ඇති කරුණු මීට පෙර අභියාචනාධිකරණ නඩුවේදී ඉදිරිපත් නොවූ බවත් එහෙයින් එම යෝජනා ඉදිරි කටයුතු සඳහා …
Continue Reading
මහ බැංකුවේ රහස්‍ය ලේඛනයක් කොමිසම හමුවේ දිගහැරෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චානක ද සිල්වා මහතා විසින් මහ බැංකුව සතු රහස්‍ය ලේඛනයක් කොමිසමට ඊයේ (15 දා) ඉදිරිපත් කළ අවස්‌ථාවේදී කොමිසම තුළ උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත විය. එහිදී රජයේ නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්‌ඩලයේ නායක ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා එම රහස්‍ය ලේඛනය මහ බැංකුවෙන් පිටවීම …
Continue Reading
“කළු කොඩි දානවා කියපු අය මහ රෑ මෝදි හමුවුනා” – ජනාධිපති
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළකර වෙසක් දිනයේ කළු කොඩි දමන ලෙස මහින්ද පිලේ මන්ත්‍රීවරු ජනතාවගෙන් ඉල්ලා සිටියද එහි ඇතැම් පිරිස් ඉන්දීය අගමැතිවරයා පැමිණි දින “රාත්‍රී එකොළහට ගොස්” ගොස් ඔහුව හමුවූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. “හම්බවෙන්න කලින් ඉන්දීය මහකොමසාරිස්තුමා මට කිව්වා මෙහෙම හම්බවෙන්න ඉල්ලලා තියෙනවා කළු කොඩි කට්ටිය මොකද කියන්නේ කියලා. මම කිව්වා අනේ හම්බවෙන්න …
Continue Reading