රජයේ සයිටම් යෝජනා ජනපති හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනයයි

Spread the love

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාලඹේ සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයේ නිසා රට තුළ ඇති වී තිබෙන අර්බුදය විසඳීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඊයේ (15 දා) ඉල්ලා සිටියේය.

මෙම විසඳුම් යෝජනාවලියෙන් ඉදිරිපත්ව ඇති කරුණු මීට පෙර අභියාචනාධිකරණ නඩුවේදී ඉදිරිපත් නොවූ බවත් එහෙයින් එම යෝජනා ඉදිරි කටයුතු සඳහා ඉතා වැදගත් වන බවත් එම සංගමයේ ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කියා සිටියේය.

අප්‍රේල් මස 07 වැනිදා එළිදැක්‌වූ රජයේ ස්‌ථාවරය අනුව මාලබේ සයිටම් ආයතනයෙන් එහි සිසුන්ට ලැබෙන පුහුණුව ප්‍රමාණවත් නොවන බවටත්, නෙවිල් ප්‍රනාන්දු රෝහල සිසුන්ගේ පුහුණුව සඳහා ගැලපෙන ප්‍රමිතියෙන් තොර බවටත්, සයිටම් උපාධිය පවතින තත්ත්වයෙන් පිළිගත නොහැකි බවටත් සහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය නියාමනයේදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉතා වැදගත් කාර්ය භාරයක්‌ හිමි බවටත් පිළිගෙන ඇති බැව් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

RSL

Related Posts