පොලිසිය විහාරමහාදේවි උද්‍යානයේදී සිසුන් සමඟ සටන් වදී; සිසුන් 15ක් රෝහලේ(Video)

Spread the love

ව්‍යාපාරික නෙවිල් ප්‍රනාන්දුට අයත් මාළඹේ පිහිටි සයිටම් වෛද්‍ය උපාධි අලෙවි ආයතනයට එරෙහිව අන්තර් විශ්වවිදාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පාගමන විසිරුවා හැරීමට පොලීසිය අද පස්වරුවේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේ ය.

පොලිස් ප්‍රහාරය හේතුවෙන් සිසුන් 15දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් තවත් සිසුන් 10දෙනෙකු පොලීසිය විසින් ඉති අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ.

සිසු පාගමන නැවැත්වීම සඳහා කැරලි මර්ධන පොලීසිය යොදවා සිටි අතර ඔවුන් සිසුන්ට හඹායමින් කඳුළුගෑස් ප්‍රහාර දියත් කර තිබේ. සිසුන් විහාරමහාදේවී උද්‍යානයේ ජල කරාමවලින් ජයල ලබාගනිමින් මහුණ සේදීම සිදුකරමින් සිටියදී උද්‍යානයේ ජල සැපයුම අත්හිටුවීමට කටයුතු කර ඇත.

මෙලෙස් ඉතාමත් දරුණු අන්දමට අවස්ථා පහකදී පමණ විහාර මහා දේවි උද්‍යානයටද කඳූළු ගෑස් ප්‍රහාර දියත් කර තිබේ.

ඒ වනවිට උද්‍යානයේ ආපනශාලවේ සහ වැසිකිළිවල සිටි සාමාන්‍ය ජනතාවටද දැඩි ලෙස පීඩනයට පත්ව ඇති අතර පොලීසිය සෘජුවම ආපන ශාලාව සහ වැසිකිළි ඉලක්කකර කඳුළුගෑස් ප්‍රහාර දියත් කළ බව එහි සිටි මාධ්‍යවේදීන්ට දැකගැනීමට හැකි වී ඇත.

පොලීසිය සිදු කළ මෙම කඳුළු ගෑස් ප්‍රහාරයට කුඩා දරුවන්ද ගොදුරුවනු දක්නට ලැබී තිබේ.

සිසුන් පවසන්නේ කුමන වර්ගයේ මර්ධනයක් දියත් කළද සයිටම් නැමති හොර ගුහාව අහෝසි කරන තුරු සම තටන නොනවතින බවයි.

RSL

Related Posts