සියළු සහන ධිවරයාගේ ආර්ථිකය ශක්තිමත් කර රටට වැඩිම විදේශ විනිමය උපයා ගැනීමටයි

බහුදින ධිවර යාත්‍රා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 175 කට අධික මරුවැල් පන්න කට්ටල , වින්ච් යන්ත්‍ර සහ බෝට්ටු අලුත්වැඩියාව සදහා ආධාර ප්‍රදානය ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චිගේ ප්‍රධානත්වයෙන් ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයේදී පසුගියදා26 දින සිදු කෙරිණ . මේ යටතේ මරුවැල් පන්න කට්ටල 130 ක් . වින්ච් යන්ත්‍ර …

Continue Reading

ආප්ප, ප්ලේන් ටී, කිරි තේ සහ කෑම පැකට්ටුවක් අද සිට උපරිමයට

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව හමුවේ දිනෙන් දින බාල්දු වන රුපියලත්, කඩා වැටෙන රටේ ආර්ථිකයත් හමුවේ ආප්ප, ප්ලේන්ටී, කිරි තේ සහ දිවා ආහාර (මාළු) පාර්සලයක් අද (28දා) සිට උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත. ඒ අනුව ආප්පයක් රුපියල් 15ක්, ප්ලෙන් ටී රුපියල් 20ක්, කිරි තේ එකක් රුපියල් 40ක් හා දිවා …

Continue Reading

ඩොලරය 200ට ගියත් බය වෙන්න එපා; අපි ආර්ථිකය හරියට හසුරුවනවා

ඩොලරය රුපියල් 200ට ගිය ද කලබල නොවිය යුතු බවත් අපේ ආණ්ඩුව ආර්ථිකය නිවැරදිව හසුරුවන බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(27) යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් ලක්ෂ 20 බැගින් වැයකර ඉදිකරන ලද යක්කලමුල්ල සහ මාගෙදර නැගෙනහිර නිල සෙවණ කාර්යාල දෙක ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවේ දී අදහස් දක්වමිනි. එහි දී අමාත්‍යවරයා වැඩිදුරටක් අදහස් දක්වමින් මෙසේ …

Continue Reading

ඇඟට නොදැනී පොකට්ටුවට විදින මංගලගේ ස්මාට් කලාව..

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ජනතාවගේ ඇඟටත්, ආණ්ඩු බලයටත් නොදැනෙන ලෙස පික්පොකට් ගැසීමේ උපක්‍රමශීලි ක්‍රමවේදයක් මීට මාස කිහිපයට පෙර හදුන්වා දුනි. ඊට අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් නිරන්තරයෙන් ඉහළ පහළ යවන අතර එය ජනතාවට සාමාන්‍ය දෙයක් බවට පත්කරලීම මංගලගේ මෙම උපක්‍රමයයි. ජාත්‍යන්තර වෙළෙඳ පොල දඬමීමා කරගනිමින් සිදුකරන මෙම උපක්‍රමය තුළින් මාස්පතා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ …

Continue Reading

මලික්ගේ කලු සල්ලි සුදු කරන ජාවාරමේ සැඟවුන කොල්ලකරු උපුල්..?

ශ්‍රී ලංකාව තුල ආර්ථික අවපාතයක් ඇති මේ කාලවකවානුවට පෙර සිට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර සිදුවන මහා මුදල් කොල්ලයක තොරතුරු හෙලිවෙමින් පවතී. මේ අනාවරණය වන තොරතුරු අනුව මෙහි ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති වන නීතිඥ උපුල් ජයසූරිය බවට සැකයක් බවතී. මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ ඔහුගේ හිතමිත්‍ර සිංගප්පූරු ජාතික ශ්‍රි රාම් සමග ඇති ව්‍යාපාරික ගණුදෙනු වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රි …

Continue Reading

වසර තුනහමාරකට පෙර තිබූ රට නොවෙයි අද තිබෙන්නේ; නව මානයකින් අප දෙස බලන්න

මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ්‍රී ලංකාව නොව ඊට වඩා වෙනස් වූ මානවවාදී සහ පරිපූර්ණ සමාජයක් සහිත ශ්‍රී ලංකාවක් වර්තමානයේ ඇතිබවත් ඒ දෙස නව මානයකින් බලන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලෝක ප්‍රජාවට ඇරයුම් කර තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප්‍රධාන සැසිය අමතමිනි. ශ්‍රි ලංකා වේලාවෙන් අද (26) අළුයම …

Continue Reading

අසාර්ථක ප්‍රතිපත්ති නිසා දරුණු ආර්ථික අර්බුදයකට රට මුහුණ පාලා

අද මේ රට අත්විඳිමින් සිටින්නේ සිය ආණ්ඩු කාලයේ බිහිවෙමින් පැවැති නිෂ්පාදන ආර්ථිකය පසෙකලා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව වෙළෙඳ ආර්ථිකයකට එය පරිවර්තනය වීමේ ආනිශංසය බවද ඉන්දියානු රුපියල ලංකාවේ රුපියලටත් වඩා අවප්‍රමාණය වී ඇති බව කියමින් මේ ඇති වී තිබෙන තත්ත්වය ආණ්ඩුව සුළුකොට පෙන්වීමට උත්සාහ ගන්නා බවද හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඔහු එසේ සඳහන් …

Continue Reading

ෆීල්ඩ් මාෂල්ගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි; උදවුවට ආධාරකරුවොත් නැතිව හොඳ මතකයෙන් උත්තර දෙයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ(24) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි. එහෙත් මෙම අවස්ථාවට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා විසින් ඔහු වෙනුවෙන් හඩා දොඩා සංදර්ශන පැවැත්වීමට ඔහුගේ ආධාරකරුවෝ කිසිවෙකුත් කැඳවා නොතිබූ අතර ෆොන්සේකා මහතා හොඳ මතකයකින් උත්තර ලබා දී ඇති බවද සඳහන්. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව …

Continue Reading

අල්ලස් ගත් ඉහළම රාජ්‍ය නිලධාරීන් දෙදෙනකුට ඇප!

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රොපකරණ උපකරණ විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරදීම සඳහා රුපියල් මිලියන 540 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එය මිලියන 100 දක්වා අඩුකොට ඉන් මිලියන විස්සක් ලබා ගැනීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවේ සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අයි.එච්.කේ.මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයවලුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. සැකකරු රිමාන්ඩ් භාරයට …

Continue Reading

ශී‍්‍ර ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක්!

එක්සත් ජනපද රජයට අයත් සහශ‍්‍ර අභියෝගතා සංස්ථාව ශ‍්‍රී ලංකාවට ඇමරිකන් ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාරයක් සැපයීමට සූදානම් බව එම සංස්ථාවේ ප‍්‍රධාන විධායක නිලධාරි Brock Bierman මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඊයේ (24) පස්වරුවේ හමුවූ සහශ‍්‍ර අභියෝගතා සංස්ථාවේ ප‍්‍රධාන …

Continue Reading