ආප්ප, ප්ලේන් ටී, කිරි තේ සහ කෑම පැකට්ටුවක් අද සිට උපරිමයට

Spread the love

මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ මුල්‍ය කළමනාකරණයේ ඇති නොහැකියාව හමුවේ දිනෙන් දින බාල්දු වන රුපියලත්, කඩා වැටෙන රටේ ආර්ථිකයත් හමුවේ ආප්ප, ප්ලේන්ටී, කිරි තේ සහ දිවා ආහාර (මාළු) පාර්සලයක් අද (28දා) සිට උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

ඒ අනුව ආප්පයක් රුපියල් 15ක්, ප්ලෙන් ටී රුපියල් 20ක්, කිරි තේ එකක් රුපියල් 40ක් හා දිවා ආහාර පාර්සලයක් (මාළු) රුපියල් 140 යන මිල ගණන් යටතේ අලෙවි කිරීම සිදුවනු ඇත.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් අවධාරණය කළේ එකී මිල ගණන් නීතිගත කිරීමට පාරිභෝගික අධිකාරිය වහාම කටයුතු කළ යුතු බවය.

එමඟින් සමස්ත පාරිභෝගිකයාට දිවයිනේ ඕනෑම ආපනශාලාවකින් නිශ්චිත මිලකට එම ආහාරපාන ලබා ගැනීමේ හැකියාව පවතින බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ජීවන වියදම් කමිටුව විසින් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 195කින් ඉහළ දමන විට පාරිහෝගික අධිකාරිය කිසිදු වග විභාගයකින් තොරව එය අනුමත කළ බවත් පාරිභෝගික අධිකාරිය නිරන්තරයෙන් සිටිය යුත්තේ පාරිභෝගිකයාගේ පැත්තෙන් බවටත් ඔහු චෝදනා කළේය.

RSL

Related Posts