ෆීල්ඩ් මාෂල්ගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි; උදවුවට ආධාරකරුවොත් නැතිව හොඳ මතකයෙන් උත්තර දෙයි

Spread the love

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ඊයේ(24) ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

එහෙත් මෙම අවස්ථාවට ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා විසින් ඔහු වෙනුවෙන් හඩා දොඩා සංදර්ශන පැවැත්වීමට ඔහුගේ ආධාරකරුවෝ කිසිවෙකුත් කැඳවා නොතිබූ අතර ෆොන්සේකා මහතා හොඳ මතකයකින් උත්තර ලබා දී ඇති බවද සඳහන්.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අමාත්‍යවරයාගෙන් පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.

2008 වසරේදී මාධ්‍යෙව්දී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් විභාග වන අතර එම සිදුවීමට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් පසුගිය 12 වනදා පැය හතරකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් අතර කීත් නොයාර් පැහැරගැනීමට ලක්වූ 2008 වසරේ යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණි.

ඊයේ පෙරවරු 11.50 ට පමණ අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණියේය.

අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේ ඊයේ පස්වරු 4 ට පමණ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් පසු ගියදා ලබාගත් ප්‍රකාශය ඊයේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

RSL

Related Posts