බොහෝ දුරට ජනාධිපතිවරණයට පෙර මහමැතිවරණයක් එන්න පුළුවන්! මංගලම කියයි

ඇතැම් විට ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට හැකියාවක් ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ (07) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මේ වසරේ (2019) ඔක්තෝබර මාසේ අවසන් වනවිට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් වෙන්න ඕන. ඒ වගේම ඊට පෙර හෝ පසුව මහ මැතිවරණයක් තියන්නට සමහර වෙලාවට හැකියාව තියෙන බව ද ඇමැති මංගල සමරවීර අවධාරණය කළේය. මේ අයවැයේ පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන …

Continue Reading

මම පොරොන්දුවක් දෙන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි

කොතරම් අභියෝග පැමිණියත් විදුලි පාරිභෝගිකයාට සහන සලසන්න බිය නොවී කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි. ඔහු මෙම අදහස පළකළේ පසුගියදා කෙරවලපිටිය ද්විත්ව චක්‍රීය තාප බලාගාර පරිශ්‍රයේ පැවති නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මෙසේද පැවසීය. “අපි පොරොන්දුවක් ඉදිරිපත් කරන්නේ ඒක ඉෂ්ට කරන්න පුළුවන්නම් විතරයි. අපේ …

Continue Reading

ඇමති රාජිතට එරෙහිව ජනපති කොමිසමට පැමිණිලි ගලයි; තලතාටත් චෝදනාවක්

සෞඛ්‍යය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව 2015 – 2018 රජයේ ආයතනවල සිදුව ඇතැයි සැළකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කොමිසමට මේ වන විට පාර්ශව ගණනාවකින් විශාල පැමිණිලි ප්‍රමාණයක් ලැබී ඇතැයි වාර්තාවේ. මේ අතර පිවිතුරු හෙළ උරුමයෙන්ද ඇමති රාජිත සේනාරත්න සෞඛ්‍යය අමාත්‍යධුරය අවභාවිතාකරමින් සිදුකළ දූෂණ-වංචා සම්බන්ධයෙන් ඊයේ ජනපති කොමිසමට පැමිණිලි ගොනු කර තිබේ. මීට අමතරව හිටපු විදේශ රැකියා අමාත්‍යවරිය …

Continue Reading

කරන්නාගොඩ අත්අඩංගුවට නොගන්නැයි අධිකරණයෙන් නියෝගයක්

හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියෝග නිකුත් කර තිබේ. තරුණයින් 11 දෙනෙකු නාවික හමුදා නිලධාරීන් විසින් පැහැර ගැනීමේ සිද්ධියට අදාළව ලැබුණු ව්‍යාජ පැමිණිල්ලක් මත තමා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි කියමින් වසන්ත කරන්නාගොඩ ගොනු කළ මූලික පෙත්සම් විභාගය අද අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරන ලදී. බුවනෙක …

Continue Reading

ආණ්ඩුව අයවැය පැරදීමේ අවදානමක..

මුදල් ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියට විරුද්ධ වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇතැයි වාර්තා වෙයි. ජනතා විමුක්ති පෙරමුණද දැනටමත් අයවැයට විරුද්දව ඡන්දය දෙන බව පවසා ඇත. අයවැයට විරුද්ද විය යුතු බවට දෙමල ජාතික සන්ධානයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් දැඩිව ප‍්‍රකාශ කරද්දී අයවැයට පක්‍ෂ විය යුතු යයි එම්.ඒ. සුමන්තිරන් විසින් දෙමල සන්ධාන මන්ත‍්‍රීවරුනට දැඩිව බලපෑම් කරමින් සිටින බවද …

Continue Reading

විධායක ක්‍රමය අහෝසි කිරීම ගැන මහින්ද-ජවිපෙ සාකච්ඡා සාර්ථකයි! පැය කිහිපයක සාකච්ඡාවකින් පසු ඉදිරියට යෑමට එකඟතාවය (විඩීයෝ)

‍20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ අතර හමුව ඊයේ (06) පැවැත්විණි. කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අලහප්පෙරුම යන මන්ත්‍රීවරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමග එක්වූහ. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි නායක අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් හා සුනිල් හඳුන්නෙත්ති …

Continue Reading

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11ක් අතුරුදහන් කිරීමේ සැකකරුවන්ට නඩු

2008 – 2009 රාජපක්ෂ පාලන වකවානුව තුළ පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු සියලුම සැකකරුවන්ට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 296 වැනි වගන්තිය යටතේ නඩු පැවරීමට දැනටමත් නීතිපතිවරයා තීරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ. ඒ අදාළ නඩුව අද කොළඹ …

Continue Reading

අයවැයට පක්ෂ විපක්ෂව ගැටෙයි (වීඩියෝ)

මුදල් අමාත්‍යවරයා විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 2019 අය වැය යෝජනාව පිළිබඳ විවාදය අද (06) පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. ඒ අනුව විපක්ෂය වෙනුවෙන් විවාදය ආරම්භ කරමින් පළමුව අදහස් පළ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධනය. ඉන් අනතුරුව පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා, ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති, නිවාස,ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් …

Continue Reading

විමල්ගේ විරෝධය පයිසකට මායිම් නොකර මහින්ද ජවිපෙ සමඟ සාකච්ඡාවට

ජාතික නිදහස් පෙරමුණේ නායක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම්වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ විරෝධය නොතකා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(06) ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප.ව. 4.00ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ. ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති …

Continue Reading

එජාපයෙන් සහන වෙනුවට සිහින පමණක් දුන් අයවැයක්..

එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානයේ මෙවර අයවැය ජනතාවට කිසිඳු සහනයක් නොමැති දෙන්නම් කාසි මට්ටමේ සිහින පමණක් ඇති අයවැයක් බව බැලූ බැල්මටම පැහැදිලිය. එජාපය විසින් තවදුරටත් එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා වැනි ජීවිතයට ව්‍යවසායකයෙකුට ගත නොහැකි තවත් ණය වර්ගය කිහිපයක් ඇතුලත් කළ , බදු වැඩි කළ අයවැයක් පමණක් ඇති අයවැයක් බවට මංගලගේ මෙවර අයවැයත් පත්ව තිබේ. අද වන වත්මන් එජාප ආණ්ඩුව …

Continue Reading