විමල්ගේ විරෝධය පයිසකට මායිම් නොකර මහින්ද ජවිපෙ සමඟ සාකච්ඡාවට

Spread the love

ජාතික නිදහස් පෙරමුණේ නායක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රචාරක ලේකම්වරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ විරෝධය නොතකා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද(06) ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් ප.ව. 4.00ට විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වේ.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, ප්‍රචාරක ලේකම් විජිත හේරත්, දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති යන අය සහභාගි වෙති. එහිදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව මෙන්ම 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡා කිරීමට සූදානම් බවද එම පක්ෂය සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු මෙන්ම, එම ධුරය දැරූ සමයේ එහි බලය යොදාගනිමින් විවිධ දූෂණ වංචා, මිනීමැරුම් චෝදනා යටතේ අධිකරණයේ නඩු විභාගවන ගෝඨාභය රාජපක්ෂට මීලඟ විධායක ජනාධිපති වීමට ඉඩ නොදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන සාකච්ඡා සඳහා සහභාගී වුවහොත් ඔහුගේ දේශපාලන සන්ධානයෙන් තමා සහ තම පක්ෂය ඉවත්වන බව ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ තැන් තැන් වල කියා තිබුණි.

RSL

Related Posts