ජනපතිගේ ධුර කාලය වසර 05 යි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රජාත්‍රන්තවාදී ඒකමතික තීන්දුවක්
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 කින් අවසන්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසයි. තම ධූර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා වෙත පසුගියදා යොමු කර තිබිණි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ …
Continue Reading
මහින්ද අමරවීර අනූ නවයෙන් බේරෙයි
ඊයේ (14දා) යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ තෛපොංගල් උත්සවයකට සහභාගි වීමට ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතාගේ ජීවිතය බේරී තිබෙන්නේ වාසනාවකටය. අමරවීර ඇමැතිවරයාගේ මේ ගමනට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමඟ තවත් කීප දෙනකු ගුවන් හමුදා යානයෙන් යාපනය පලාලි ගුවන් තොටුපොළට යෑමට නියමිතව තිබුණත්, ගුවන් නියමුවන් යානය පදවාගෙන ගොස් තිබෙන්නේ තලෙයිමන්නාරම දෙසටය. පලාලි …
Continue Reading
හම්බන්තොට වරාය දුන්න දෙවන කොටස් මුදලත් ලංකාවට
හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 97 යි දශම 365 ක මුදලක් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි. පසුගිය දෙසැම්බර් මස 09 වන දින චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව හම්බන්තොට වරායේ ආයෝජනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම එකයි …
Continue Reading
මංගලගේ බේබදුකමට ජනපතිගෙන් කඩු පහරක් (Video)
මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. …
Continue Reading
ශ්‍රී ලංකන් හා මිහින් ලංකා දූෂණ වංචා සොයන ජනාධිපති කොමිසම ලබන සතියේ
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම ලබන සතිය වන විට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියට එක්වෙමිනි. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ මිහින් ලංකා ගුවන් …
Continue Reading
කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් රට පනී! බැදුම්කර කොල්ලය යටපත් කිරීමට කුමන්ත්‍රණයක්! (වීඩියෝ)
මහ බැංකු බැඳුම්කර කොල්ලයේ නියෝජිතයා වූ කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට තබා ඔහු සිටින ස්ථානයවත් සොයා ගැනීමට නොහැකිවීම ගැන මෙරට නීතිය ක්‍රියාත්මක කරන ආයතන ලැජ්ජා විය යුතු බවත්, බැදුම්කර කොල්ලය යටපත් කිරීමට උත්සාහ දරන බවත් දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පැවසූහ. රාජගිරියේ පිහිටි දූෂණ විරෝධී පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් …
Continue Reading
ඌරුවරිගේ වන්නිල අත්තන්ගේ ඇයොත් දේශපාලනයට!
ආදීවාසීන් මුහුණදෙන ගැටළු සලකා බැලීමේදී ඉදිරියේදී උගත් බුද්ධිමත් ආදීවාසි තරුණයින් පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇති බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසයි. මේ වන විට ආදීවාසීන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරිමට කිසිදු පාර්ශවයක් කටයුතු නොකරන බවත්, තමන්ගේ පාලන සමය තුළ නොවුණ ද ඉදිරි කාලසීමාවලදී ආදීවාසී තරුණයින් පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇති බව වන්නිල ඇත්තන් පවසයි. වන්නිල ඇත්තන් ප්‍රකාශ කරයි. දඹාන, කොටබකිනිය ප්‍රදේශයේ …
Continue Reading
මංගලගේ බේබදු තීරණයට මහා සංඝරත්නයේ විරෝධය
මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය වෙනුවෙන් කාන්තාවන්ට පනවා තිබූ නීතිරීති, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලිහිල් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් සිය විරෝධතාව පළකර සිටිති. එපමණක් නොව මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද උන්වහන්සේ පැවසූහ. සුරාබදු ආඥා පනත යටතේ වන විශේෂ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පසුගිය 10 වැනිදා අත්සන් තැබීය. ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය …
Continue Reading
පොලිස්‌පති රට වටේ යයි
පළාත් පාලන මැතිවරණයේදී අපක්‌ෂපාතීව රාජකාරි කිරීම සහ මැතිවරණ නීති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ රැස්‌වීම් මාලාවක් පළාත් මට්‌ටමින් පැවැත්වීමට පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා විසින් ආරම්භ කර ඇත. බස්‌නාහිර සහ උතුරු මැද පළාත්වල රැස්‌වීම් මේ වන විට අවසන් කර ඇති අතර ඉදිරි දින කිහිපයේදී සියලුම පළාත්වල ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ මැතිවරණ රාජකාරි මෙහෙයවන නිලධාරීන් වෙනුවෙන් මෙම රැස්‌වීම් …
Continue Reading
මැති ඇමතිවරු 62 කගේ පැටිකිරිය 17 වනදා කරළියට
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති කොමිෂන් සභා වාර්තා දෙකෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රිවරුන් හැටදෙදෙනකුගේ නම් හෙළිදරව් වීමට නියමිත බවට වාර්තාවේ. මේ මස 17 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිත මහ බැංකු බැඳුම්කර විශේෂ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් ඇතුළු මන්ත්‍රිවරුන් තිස් දෙනකුගේ නම් සඳහන් වන බවත්, බරපතළ වංචා දූෂණ සෙවීමේ ජනාධිපති කොමිෂන් වාර්තාවේ ඒකාබද්ධ විපක්ෂයේ …
Continue Reading