හම්බන්තොට වරාය දුන්න දෙවන කොටස් මුදලත් ලංකාවට

Spread the love

හම්බන්තොට වරාය ආයෝජනයේ දෙවන කොටස් මුදල ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 97 යි දශම 365 ක මුදලක් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ස් සමාගම විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කරයි.

පසුගිය දෙසැම්බර් මස 09 වන දින චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින්ස් සමාගම සමඟ ඇති කර ගත් ගිවිසුමට අනුව හම්බන්තොට වරායේ ආයෝජනය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන එකයි දශම එකයි දෙකක මුදලක් වරාය අධිකාරියට ගෙවීමට එම සමාගම එකඟ වී තිබිණි.

එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 292යි දශම එකක මුදලක් දෙසැම්බර් 09 වන දින ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලැබුණු අතර ඉතිරි මුදල මාස 06 ක කාලයක් තුළ වාරික දෙකකින් ගෙවීමට එකඟ වී තිබේ.

RSL

Related Posts