මංගලගේ බේබදුකමට ජනපතිගෙන් කඩු පහරක් (Video)

Spread the love

මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කීවේ අද (14) පස්වරුවේ අගලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

සාධාරණ සමාජයක් පිළිබඳ කතා කරනවා සේම සාධාරණ සමාජයක් ගොඩනැගීමට තමන් කැපවී සිටින බවද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රිය අනතුරක් සම්බන්ධයෙන් තම සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තමන් පොලිසිය සමග එක් වචනයක් වත් කථා නොකළ බව ද පැවසීය. මෙරට ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුගේ, අගමැතිවරයෙකුගේ නොව ඇමතිවරයෙකුගේ ද සහෝදරයෙකු රිය අනතුරක් පිළිබඳ සිරභාරයට පත්වූවානම් ඒ තම සහෝදරයා පමණක් බවද කියා සිටියේය.

එදත්-අදත්-හෙටත් බේබදුකරණයට හිතැති මංගල අමාත්‍යවරයා විසින් මීට පෙර අයවැය යෝජනා අනුව බියර් මිල අඩු කිරීමට යෝජනා කළ අතර එයද ජනපති නියෝගයෙන් කුණු බක්කියට විසි විය.

කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ අලෙවි කරන ස්ථානවල රැකියා කිරිමට පනවා තිබූ තහනම පසුගියදා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඉවත් කෙරුණු අතර මත්පැන් අලෙවිසැල් විවෘතව තබන වේලාවද සංශෝධනය කරනු ලැබීය.

ආශ්‍රිත පුවත්: මංගලගේ බේබදු තීරණයට මහා සංඝරත්නයේ විරෝධය

RSL

Related Posts