ජනපතිගේ ධුර කාලය වසර 05 යි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රජාත්‍රන්තවාදී ඒකමතික තීන්දුවක්

Spread the love

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 05 කින් අවසන්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇතැයි ජනාධිපති ලේකම්වරයා පවසයි.

තම ධූර කාලය වසර පහක්ද එසේත් නැත්නම් වසර හයක් ද යන්න තීරණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කර ඇති ඉල්ලීම පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය ජනාධිපතිවරයා වෙත පසුගියදා යොමු කර තිබිණි.

මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය සිදුකරන ලද්දේ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් වන අතර එය නොබෙදුනු තීන්දුවක් ලෙස ලබාදී ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනාධිපතිවරයෙකු විසින් මෙලෙස තම ධුරකාලය සම්බන්ධයෙන් නිදහස් ප්‍රජාත්‍රන්තවාදී තීන්දුවක් සඳහා ශ්‍රේෂ්ඨාධිකරයට යොමුකළ අතර එම තීන්දුව ප්‍රජාත්‍රන්තවාදය ගරුකරමින් භාරගත් අවස්ථාවද වන්නේය.

මීට පෙර හිටපු ජනාධිපතිවරයා වූ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතා 18 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් තමා අසීමිතව ජනාධිපතිවරයා වීමට අවස්ථාව ලබාගත්තේය. ඔහු 2013 වසරේදී තමාගේ ධුරකාලය සම්බන්ධයෙන් මාධ්‍ය සංදර්ශනයක් සඳහා නීතිපතිවරයාගෙන් පමණක් නාමිකව මත විමසීමක් කරන ලදී.

මෙලෙස ජනාධිපතිවරයෙකු විසින් ස්වාධීනව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් සිදුකළ පළමු අවස්ථාව මෙය වන අතර මෙම තීන්දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදී ඇති අධිකරණමය සහ ප්‍රජාත්‍රන්තවාදී නිදහස මනාව පිළිබිඹු කරයි.

RSL

Related Posts